Home Uncategorized කරදරකාරි ඉන්නන් නැති කරගන්න සරල ක්‍රම ටිකක් මෙන්න

කරදරකාරි ඉන්නන් නැති කරගන්න සරල ක්‍රම ටිකක් මෙන්න

0
642

ඉන්නන් යනු ඔබගේ සෞඛ්‍යට හානි කර තත්වයක් නොවේ. නමුත් සමෙහි තැනින් තැන ඉන්නන් ඇති වීම ඔබව අපහසුතාවයට පත් කරවන කාරණයකි. හෝර්මෝන අසමතුලිතතාවය, දියවැඩියාව වැනි තත්වයන් නිසා ඉන්නන් ඇති වීම සිදු විය හැකි බව පර්යේෂකයින් පෙන්වා දී තිබේ. පහත දක්වා ඇත්තේ ස්වභාවිකව ඉන්නන් ඉවත් කර ගැනීමේ ක්‍රම 08කි.

පළමුව ඔබගේ වෛද්‍යවරයා හමුවන්න
නිවසේදී ඉන්නන් හට ප්‍රතිකාර කිරීමට ප්‍රථම ඔබගේ පවුලේ වයිද්යවරයා මුණ ගැසෙන්න. ඔබගේ ශරීරය පරික්ෂා කිරීමෙන් පසුව යම් කිසි සැක කල යුතු යමක් වේ නම් ඔහු පටක විශ්ලේෂණය කිරීමක් විශේෂ පුර්වොපායක් ලෙස සිදු කරනු ඇත.

ඇපල් සයිඩර් විනාකිරි. පුළුන් කැබැල්ලක් ගෙන එය ඇපල් සයිඩර් විනාකිරි වල පොගවා ගන්න. එය ඉන්නා මත තබන්න. තබා ප්ලාස්ටරයක් අලවන්න. රාත්‍රියක් පුරා තිබෙන්නට හරින්න. ඉන්නා කැඩී ඉවත් වන තුරු මෙය දිනපතා සිදු කරන්න.

ටී ට්‍රී තෙල්
ඉන්නා සහිත ප්‍රදේශය හොදින් පිරිසිදු කරගන්න. පුළුන් කැබැල්ලකට මෙම තෙල් ස්වල්පයක් ගන්න. ඉන්නා මෙම පුළුන් කැබැල්ලෙන් මෘදුව පිසදමන්න. වඩා හොද ප්‍රතිපල සදහා දිනකට 3-4 වරක් සිදු කරන්න.

පොල් තෙල්
ඉන්නා සහිත ප්‍රදේශය උණු වතුර දමා හොදින් පිරිසිදු කරගන්න. ඉන් පසු පොල් තෙල් ස්වල්පයක් එම ස්ථානයේ ආලේප කරන්න. දිනයකට දෙවරක් මෙම ප්‍රතිකර්මය සිදු කරන්න.

දෙහි යුෂ
ඉන්නා සහිත ප්‍රදේශය හොදින් පිරිසිදු කරන්න. පුළුන් කැබැල්ලකට දෙහි යුෂ ස්වල්පයක් ගෙන එය ඉන්නා මත තබන්න. දිනයකට 2-3 වරක් ආලේප කරන්න.

කෝමාරිකා යුෂ
ඉන්නා සහිත ප්‍රදේශය හොදින් පිරිසිදු කරගන්න. කෝමාරිකා මද ස්වල්පයක් ගෙන එය ඉන්නා මත තවරන්න. මිනිත්තු දෙකක් පමණ සම්බාහනය කර සෝදා හරින්න. මෙම ප්‍රතිකර්මය දිනයකට දෙවරක් තුන් වරක් සිදු කරන්න.

සුදු ළුණු
සුදු ලුණු බික් 2-3 පමණ හොදි පොඩි කරගන්න. එය පුළුන් කැබැල්ලක තවරා ඉන්නන් මත තබන්න. රාත්‍රියක් පුරා එසේ තිබෙන්නට හරින්න. දින 2 කට වරක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.

කෙසෙල් ලෙලි
ඉන්නන් සහිත ප්‍රදේශය හොදින් පිරිසිදු කරගන්න. කෙසෙල් ලෙල්ල කුඩා කොටස් වලට කපා ගන්න. කෙසෙල් ලෙලි වල සුදු පැත්ත ඉන්නා ගේ මතුපිටට එන පරිදි තබා ප්ලාස්ටරයක් අලවන්න. ඉන්නා වැටෙන තුරුම මෙම ප්‍රතිකර්මය සිදු කරන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

Previous articleඔයත් මේ නිසා වද විදිනවාද ? හිශොරි කරදරේ නැත්තටම නැති කරගන්න මෙන්න සුපිරිම විදිහ
Next articleසහල් සෝදපු වතුර විසිකරලා දාන ඒකනම් සාමාන්‍ය දෙයක්, නමුත් අදින් පසුනම් ඔබ ඒ වැරැද්ද කරන එකක් නෑ
error: Content is protected !!
Verified by MonsterInsights