ඔයත් එක දිගට වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ලිපිය කියවන්න.

ඔයත් එක දිගට වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ලිපිය කියවන්න.

 

සතියට එක දවසක් කිසිදු වැඩක නිරත නොවී නිදහස්ව සිටීම තුළින් යම් මානසික නිදහසක් අපට ලැබෙනවාද? මානසික ආතතිය එමගින් අඩු කර ගත හැකිද? මේ සම්බන්ධව මනෝ වෛද්‍ය විශේෂඥ, රූමි රූබන් වෛද්‍යවරයා මෙසේ කියයි.
.

“සතියකට එක දවසක් කිසිම වැඩක් නොකර විවේකව ඉන්න එක හොදයි කියන එක අදහසක් විතරයි. ඒ් තුළින් මානසික ආතතිය අඩු කර ගන්න පුළුවන් කියල මම නම් කියන්නේ නැහැ. මිනිස්සුන්ට නිදහස අවශ්‍යයි. වැඩ කරන කාලය තුළදී වුණත් යම් නිදහසක් ලබා ගන්න අවශ්‍ය වෙනවා.

වාහනයක එන්ජින් එකක් වගේ, එක දිගටම වැඩ කරන එක හොද නැහැ. විඩාවට පත්වෙනවා. අපිට විවේකය වගේම විනෝදාශ්වාදය අවශ්‍යයි. එයින් තමයි ‘වර්ක් ලයිෆ් බැලන්ස්’ එක ලැබෙන්නේ.
අපට විවේකය, අධ්‍යාත්මික ජීවිතය වගේම විනෝදාශ්වාදය වුවමනාමයි. එහෙම නැති වුණාම තමයි ආතතියට පත්වන්නේ. මානසිකව රෝගී වෙන්නේ.

හැම වෙලාවෙම ජීවිතයේ ආපස්සට හැරිලා මේ පිළිබදව විමසිලිමත් විය යුතුයි.

අපි වෙනුවෙන් කාලය වැය කලාද යන්න ගැන අවධානය යොමු කල යුතුයි.

දැන් ලෝකයේ දියුණු රටවල් දිහාට හැරිල බැලුවොත් හොදට වැඩ කරන අයට නිවාඩු දෙනවා. නිවාඩු ගත යුතුයි. ඔවුන් එක දිගට වැඩ කරන එක හොද දෙයක් හැටියට පිළිගන්නේ නැහැ. එතකොට කාර්‍යක්ෂමතාවය අඩු වෙනවා කියල තමයි ඔවුන් කියන්නේ. අපේ රටේ වගේ එක දිගටම වැඩ කරන අය ‘හරි හොදයිනේ’ කියන්නේ නැහැ.

දැන් බලන්න අපේ රටේ රියදුරු මහත්තුරු දිහා. එක දිගට වැඩ කරන නිසා කොයි තරම් අනතුරු කර ගන්නවද.. ඒ් වගේම කලබලද.. ඇයි ඒ්…එක දිගටම වැඩනේ. ඒ්වා තමයි විවේකය නැතිතමින් ඇතිවන ප්‍රශ්න.

Uncategorized