අමන්දාගේ පොඩි වෙනසත් ඔහුට හොඳින් තේරෙනවාලු.. නිරූපණ ලෝකයේ නමක් දිනාගත් සුරූපිනිය කියූ ඒ කතාව දැනගන්න කැමතියිද..?

අමන්දාගේ පොඩි වෙනසත් ඔහුට හොඳින් තේරෙනවාලු.. නිරූපණ ලෝකයේ නමක් දිනාගත් සුරූපිනිය කියූ ඒ කතාව දැනගන්න කැමතියිද..?

 

අමන්දා සිල්වා, කවුරුත් ආදරය කරන මේ තාරකාව නම් දැන් ගොඩක් කාර්‍යබහුලයි වගේ..

රංගනයෙන් , නිරූපණයෙන් විතරක් නෙවෙයි ඇය දැන් පෞද්ගලික ජීවිතය තුළත් ගොඩක් කාර්යබහුල චරිතයක් වෙලා.

ඇගේ සුරූපීබව ගැන කියන්න නම් ඉතින් අමුතුවෙන් වචන ඕන නැහැ නේ. ඇය ඒ තරම්ම සුන්දරයි. දුටුවන්ගේ නෙත් සිත් ඇදබැඳ ගන්නවා. ඉතින් කවුරුත් ආදරය කරන ඇය ඉදිරියේදී එක් ක්ෂේත්‍රයකට විතරක් සීමා වේවිද.? ඇය මේ කියන්නේ ඒ ගැන ඉඟියක්ද?

මේ සුරූපී තාරකාව ඒ ගැන සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.

අමන්දා සිල්වා කියන්නෙ නිරූපිකාවක්. නමුත් නිරූපණය අතහැරල දිගටම රඟපාන්න හිතුනෙ නැද්ද?

අපි චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක් බලනව වගේ ලෙහෙසි නැහැ රඟපාන එක. ගොඩක් අමාරු වැඩක්. ඒක හොඳට ඉගෙනගෙන කරන්න ඕන දෙයක්. මට හොඳ ආරාධනා ලැබුණොත්, ඉදිරියේදී රංගනය ගැන හැදෑරීමක් කරල ලස්සන දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

දැනට ලැබෙන ආරාධනා සීමා සහිතද?

මම මොඩල් කෙනෙක්නෙ. ඉතිං මම අඳින පළඳින විදිහත් එක්ක මිනිස්සු මාව වැරදි විදිහට තේරුම් අරගෙනද දන්නෙ නැහැ, ලැබෙන ආරාධනා ටිකක් වැරදි විදිහට එන්නේ. සමහර අවස්ථාවල ඉතාමත් හොඳ නිර්මාණවලට ආරාධනා ලැබිල තියෙනවා. නමුත් ඒ ආරාධනා ලැබුණෙ වැරදි විදිහට. ඒ නිසාම මට ඒ ආරාධනා ප්‍රතික්‍ෂේප කරන්න සිදු වුණා. එහෙම නොවුණා නම් මීට වඩා නිර්මාණ ප්‍රමාණයක මාව දකින්න තිබුණා.

නිරූපණ ක්‍ෂේත්‍රයේ ජනප්‍රියත්වය එක වගේ පවත්වාගෙන යන රහස මොකක්ද?

නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් විශේෂයෙන්ම මේන්ටේන් කරන්න ඕන තමන්ගෙ ශරීරය. ඉතිං මම ඒ දේ හරියට කරන නිසා අදටත් ක්‍ෂේත්‍රයේ රැඳී සිටින්න අවස්ථාව ලැබිල තියෙනවා කියල මම විශ්වාස කරනවා. ඒ වගේම ඇටිටියුඩ් එකත් ඉතාම වැදගත්. සීනියර්ස්ලට වගේම ඩිසයිනර්ස්ලට හරි විදිහට රෙස්පෙක්ට් කරල ඉන්නකොට ඔවුන් දන්නව මං එක්ක වැඩකරන්න ලේසියි කියලා.

ශරීරය මේන්ටේන් කරන්න මහත්තයගෙන් උපදෙස් ගන්නවද?

මගේ මහත්තයා බොඩි බිල්ඩින් පැත්තෙන් වගේම ස්පෝට්ස් පැත්තෙන් නිතරම හිතන කෙනෙක්. ඉතිං මගේ ශරීරය වෙනස් වෙනවා දකිනකොට එයා කියනව “පැටියෝ ඇඟ ටිකක් වෙනස්වේගෙන එන්නේ, ඒ ගැන ටිකක් හිතුවොත් හොඳයි කියලා.” නමුත් කන බොන දේවල්වලට කවදාවත් නීති දාන්නෙ නැහැ.

නිරූපණ ක්‍ෂේත්‍රය ඔබ දකින්නෙ කොහොමද?

ඉස්සර මේ ක්‍ෂේත්‍රයේ උස අය හිටියෙ ගොඩක් අඩුවෙන්. නමුත් දැන් එහෙම නැහැ. ගොඩක් උස අය වගේම ලස්සන ගැහැනු ළමයි ක්‍ෂේත්‍රයට පිවිසිලා ඉන්නවා. නමුත් ප්‍රවීණයන්ට තියෙන ගෞරවය ටිකක් අඩුවෙලාදෝ කියල බොහෝ වෙලාවට හිතෙනවා. දැන් ෂෝ එකක් කරන්න ගියත් මට ඒක කරන්න හිත දෙන්නෙ නැහැ. එදා සහ අද වෙනස අපිට දැන් ගොඩක් තැන්වලදි දකින්න ලැබෙනවා.

නිරූපණ පාසලක් ආරම්භ කරන්න අදහසක් නැද්ද?

මම මේ වන විට මහත්තයත් එක්ක එකතුවෙලා යූ ටියුබ් චැනල් එකක් කරනවා. ඒකටත් කමෙන්ට්ස් දාල ගොඩක් දෙනෙක් මගෙන් මේ ගැන අහනවා. ඒත් ඒ වගේ දෙයක් පටන්ගත්තාම මම දිගටම එතන ඉන්න ඕන. එහෙම නැතිව ළමයින්ව අතරමං කරන්න බැහැ. ආසාවක් තියෙනව එහෙම දේකට. අපි බලමු ඉදිරියේදී.

Local Gossip