අනේ ඉතින් මේ තරම් සතුටක්. කසුන් ඉන්නේ හරි සතුටෙන්. ගත වෙච්ච සන්ධ්‍යාව ඔහුට බොහෝම විශේෂයි.
කලාවට උපන්හපන්කම් ඇති කසුන්ගේ අලුත්ම කෘතිය තමයි මුද්දරස්පලං කියන්නේ. ඊයේ මේ කෘතිය දොරට වඩිනවා.
ඒ ඔහුට ආදරය කරන රසික රසිකාවියන් වෙනුවෙන්. ඔන්න ඉතින් බලන්නකෝ ඒ ගැන ඔහු මුහුණුපොතට එක්කරලා තිබුණු විශේෂ සටහන මොකක්ද කියලා.
“ගතවෙච්චි හැන්දෑව තමයි මයෙ ජීවිතේ සුන්දරම හැන්දෑව. ඒක අතිශය පැණිරස සන්ධ්‍යාවක්. දැන් වෙලාව පාන්දර හතරයි. මට මේ මොහොතෙ දැනෙන හැඟීම මොකද්ද දන්නවද , මේ ලෝකෙ ඉන්න ප්‍රීතිමත්ම මනුස්සයා මං කියලා. ඒකට හේතුව මචං මේං මේක.
මුද්දරස්පලං පොත නවකතා ඉතිහාසෙ අලුත් වාර්තාවක් සනිටුහන් කළා. දොරට වැඩුම දවසෙම මයෙ මුද්දරස්පලං ‘පළමු මුද්‍රණය’ විකිණී අවසන් වුණා මිත්‍රවරුනි. ලෝන්චෙක අතරවාරෙ ඒකට ආ මයෙ සුවහස් සහෘදයො පොත් තුන්සිය ගාණකට කිට්ටු වෙන්ට මිලදී ඇරන් තිබුණා. අනික් පොත් අද දවස ඇතුළත සකල දිග රසවතුන් එකපෙළට ඕඩර් එව එවා ඉල්ලලාම හිටියේලු. පොතක් එළිදැක්ම දවසෙදිම පළමු මුද්‍රණය සපුරා හමාර කොරනවා කියන්නෙ මැජිකල් වැඩක්. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ මයෙ මොකක්හරි කවියක්, කතාවක් අනේ පත්තරේ පළ කොරගන්ට ආසාවෙන් මං නොගිය පත්තර කන්තෝරුවක් නෑ. එහෙම වරින්වරේ ගොහිං බෝමාසාවෙන් මං දීපු මයෙ එක කවියක්, ලිපියක් අනේ ආසාවට මොකේවත් පළවුණේ නැහැ. එහෙව් වේදනාබර අතීතෙකින් පැවත එන මට මේ අහිංසක ජයග්‍රහණයෙ බර මාරයි.
මයෙ අකුරු ලිවිල්ලට කොන්දේසි විරහිතව පෙම් බඳින නන්දෙස විසිරී සිටින ළයාදර පාඨකයිනි , අනේ මං ඔයාලට බෝමාදරෙයි. මේ වාර්තාවන් පිහිටුවන්නෙ මං නෙමෙයි ඔබ ! මං නොනවත්වා ලියන්නෙ මයෙ ලියැවිලි ඔබ විශ්වාස කරන හන්දා. ඒක මං සහසුද්දෙන්ම දන්න හන්දා. දූපතක ඉන්න චුට්ටි මිනිහෙක්ටත් ‘මේ ලෝකෙ කොරන්ට බැරි දෙයක් නෑ’ කියලා ඔබ මට ඒත්තු ගන්නන හන්දා. ඒකට බෝම පිං.
මුද්දරස්පලං දෙවන මුද්‍රණය සමඟින් හමුවෙමු ! ”