Home දේශිය පුවත් ඩුබායි යන්න ගොස් කලහ කළ ජනප්‍රිය ගායකයා ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් හරවා...

ඩුබායි යන්න ගොස් කලහ කළ ජනප්‍රිය ගායකයා ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් හරවා එවයි

0
70

ජනප්‍රිය ගායන ශිල්පියෙක් ඊයේ (10) රාත්‍රියේදී කටුනායක ගුවන්තොටුපළෙන් ප්‍රසංගයක් සඳහා ඩුබායි බලා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් බලහත්කාරයෙන් ඉවත් කර තිබෙන බව වාර්තාවේ.

 

ඔහු අධික ලෙස බීමත්ව සිටි බවත් ගායකයා ගුවන් යානයට ගොඩවීමෙන් අනතුරුව එහි කාර්ය මණ්ඩලය සමඟ උණුසුම් වචන හුවමාරුවක පැටලී ඇති බවත් ගුවන්තොටුපළ ආරංචි මාර්ග අනාවරණය කරයි.

ගුවන් යානයේ ගුවන් සේවිකාවන් ඇතුළු කාර්ය මණ්ඩලය සමඟ බහින්බස් වීම දුරදිග යාම හේතුවෙන් ගුවන් යානයේ ප්‍රධාන නියමුවා විසින් තීරණය කර ඇත්තේ මත්පැන් පානය කර නොමනා ලෙස හැසිරුණු ගායකයා තවදුරටත් ගුවන් යානයේ තබාගෙන ඩුබායි බලා පියාසර කළ නොහැකි බවටය. එය ප්‍රධාන නියමුවා ගුවන්තොටුපළ බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

මෙම දැනුම් දීමෙන් අනතුරුව, ගුවන් යානයෙන් ඉවත් කරන ලද ජනප්‍රිය ගායකයා කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන නිලධාරීන් භාරයට ගෙන ඇත. ඔහුගේ විගමන කටයුතු සඳහා වූ සටහන් අවලංගු කිරීමෙන් පසුව ඔහුව මුදා හැරීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කර ඇති බව ගුවන්තොටුපළ අභ්‍යන්තර ආරංචි මාර්ග ලැබී තිබේ.
මෙම ගායකයාගේ ෆේස් බුක් පිටුව පරීක්ෂා කිරීමේදී ඔහු ඊයේ කටුනායක ගුවන් තොටුපළේ සිට සිදු කළ සජීවී විකාශයක්ද දැක ගත හැකි අතර අද උදෑසන සටහනක් තබමින් ඔහු කියමනක් උපුටා පළ කර ඇති අතර එහි සටහන් වන්නේ
‘ඔබෙත් අඩුපාඩු ඇත මගෙත් අඩුපාඩු ඇත.සර්ව සම්පූර්ණ මිනිසුන් මෙලොව නැත’ යනුවෙනි.

Previous articleඅපේ වෙඩින් එක එච්චරයි තව මුකුත් නෑ – දැන් 40 යි ඒත් දරුවො හදන්න කලින් ස්ථාවර වෙන්න ඕන – ගයාන්
Next articleඑදා ඉඳන් වැදූ අම්මා නොවුනට හැදූ අම්මා වෙන්න පුළුවන් වුණා මට..” ආදරණීය හැඟීමක් ඉදිරියේ සංවේදී වුණු දමිතා..
error: Content is protected !!
Verified by MonsterInsights