කාර්යාලයේ, ගෙදර, ඔබත් AC භාවිතා කරනවනම් මේ රෝග සියල්ලටම ඔබ ගොදුරු වෙනවා

කාර්යාලයේ, ගෙදර, ඔබත් AC භාවිතා කරනවනම් මේ රෝග සියල්ලටම ඔබ ගොදුරු වෙනවා

නුවරඑළියේ සහ අනෙකුත් සීතල පැති වල අය ඇරෙන්න AC කාමර වල සැපට ඉන්න නම් අනිත් ඕනම කෙනෙක් ආසයි. ඒ වගේම තමයි ඉතින් මේ දවස් වල තියන ගිනි රස්නෙත් එක්ක ඉතින් AC එකක් කියන්නේ නැතුවම බැර් දෙයක්. සාපේක්ෂව ගත්තොත් ලංකාවේ ගොඩ දෙනෙක් AC වලට ආසයි. හරි හරි මේ කථාව AC ගැන නෙමෙයි. AC නිසා අපිට හැදෙන ලෙඩ පිළිබඳවයි.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට වැඩි සීතලත් නොවන, උණුසුමත් නොවන වැඩක නිරත විය හැකි උෂ්ණත්වය වනුයේ සෙල්සියස් අංශක 26 ත් 27 අතර තිබෙන උෂ්ණත්වයකි. වායු සමනය කල කාමරයකින් වාතය ඉවතට ගමන් කිරීමක් සිදු වන්නේ නැති නිසා බෝවන රෝග ආදිය පැතිරීම ඉතාමත්ම ඉහළය. ඊට අමතරව උගුරේ ඇති බොහෝ බැක්ටීරියා සීතල පරිසර තත්ව වලදී වර්ධනය වීම නිසා උගුරේ අසාත්මිකතා ඇති වීම බහුල වේ. AC වල අධික සීතල නිසා සුලබව දක්නට ලැබෙන්නේ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වේ.

ඊට අමතරම AC පද්ධතියේ විවිධ කොටස් වල ක්ෂුද්‍ර ජීවින් හා පුස් වර්ධනය වීමක් දක්නට ලැබේ. ඒවා කාමර තුල සංසරණය වී අපගේ අප හුස්ම ගන්නා විට අපගේ සිරුරට පහසුවෙන්ම ඇතුලු වී අපගේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව අසාත්මිකතාවයන් ඇති කරයි. එම නිසා පද්ධතිය නිතර පිරිසිදු කිරීම අනිවාර්ය වේ.

අධික උෂ්ණත්වයකදී වාගේම අධික සීතලේදී පවා සිරුරේ ජලය පිටතට වාශ්ප වේ. ඉතින් දීර්ඝ කාලීනව ඔබ AC කාමර වල ගත කරනවානම් ඔබේ සම වියළීමකට ලක් වේ.

ඔබ රැකියාව කරන ස්ථානයට දිනකට කී දෙනෙක් නම් පැමිණෙනවා ඇත්ද ? ඉතින් ඔවුන් සමග කොතරම් විෂ බීජ පැමිණෙනවා ඇත්ද ? AC පද්ධතිය නිසා ඔබ එම විෂ බීජ සියල්ලම හුස්ම ගැනීමේන් සිරුරට ඇතුල් කර ගනී. ඉතින් මෙම දහස් ගණන් විෂ බීජ ඔබ ශරීරයට එකතු කරගන්නා නිසා ඉතා නිරෝගී පුද්ගලයන් පවා රෝගී වේ. AC පද්ධති සහිත පරිසර තත්වයන් වලට නිතරම මුහුණදෙන පුද්ගලය්න්ට ශ්වසන පද්ධතිය ආශිත රෝග බහුල වේ.

ඊට අමතරම AC කාමර වල සිටින පුද්ගලයන් ගොදුරුවන තවත් රෝග තත්වයක් තමයි “සික් බිල්ඩින් සින්ඩ්‍රෝම්” කියන්නේ. සික් බිල්ඩින් සින්ඩ්‍රෝම් කියන්නේ AC කාමර වල Office වල සිටින පුද්ගලයන් නිතරම ස්වසන පද්ධතිය ආශ්‍රිත ලෙඩ රෝග වලට ගොදුරු වීමයි

Uncategorized