සුදු ඇදුම් කියන්නේ ඉතා ඉක්මනින් පරිසරය අනුව දුර්වර්ණ වෙන ඇදුම් ජාතියක්. ඔබගේ සුදු ඇදුම් දිගු කාලයක් පවත්වා ගැනීම තව දුරටත් අමාරු කාර්යයක් නොවේ. නිවසේ භාවිතා කරන සරල ද්‍රව්‍ය කිහිපයක් භාවිතයෙන් ඔබගේ ඇදුම් දිගු කාලයක් නැවුම්ව තබා ගැනීමට ඔබට පුළුවන්. පහත ලිපියේ සදහන් වන්නේ ඔබගේ සුදු ඇදුම් වල පැහැය දිගු කාලයක් පවත්වා ගනීම සදහා ඔබට අනුගමනය කල හැකි උපක්‍රම 7ක් පිලිබදවයි.
01.අදුරු ලප කැළැල් ඉවත් කිරීම සදහා.
විශාල බදුනකට ජලය ලීටර දෙකක් දමා එය රත් වෙන්නට උදුනක තබන්න. මෙම උණුවතුර භාජනයට ලුණු මේස හැන්දක් එකතු කරන්න. දෙහි ගෙඩි තුනක් ගෙන යුෂ මිරිකා ගන්න. මෙම දෙහි යුෂ රෙදි සෝදන කුඩු කෝප්ප කාලක් සමග මිශ්‍ර කර උණු වතුරට දමන්න. මෙම මිශ්‍රණය ඔබගේ ඇදුම් දමා මිනිත්තු 40ක් තිබෙන්නට හරින්න.ඉන් පසු පිරිසිදු වතුරෙන් දෙවරක් සෝදා වේලෙන්නට තබන්න.
02.ඔබගේ සුදු කමිස වඩාත් සුදු කරගන්න.
ඇදුම් වල කහට පැල්ලම් ඇති ස්ථාන වලට බේකින් සෝඩා ස්වල්පයක් සෘජුවම දමන්න. දෙහි ගෙඩියක් කපා එම ස්ථානයේ හොදින් අතුල්ලන්න. මිනිත්තු 15 ක් තිබෙන්නට හැර උණුසුම් වතුරෙන් සෝදා හරින්න.
03.ඇඳුම්වල දුර්වර්ණ පෙනුම් නැති කිරිම සඳහා.
දෙහි ගෙඩි දෙකක් කපා එය රත් වන වතුර භාජනයකට දමන්න. මෙම භාජනයට ඔබගේ ඇඳුම් දමා මිනිත්තු 40 ක් පෙඟෙන්නට හරින්න. මේසේ පෙඟුණු පසු සාමාන්‍ය පරිදි ඔබගේ ඇඳුම් සෝදා ගන්න.
04.සිනිදු සුදු පැහැති රෙදි සේදීම සඳහා.
රෙදි සේදීම සදහා භාවිතා කරන කුඩු කෝප්ප කාලක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කෝප්ප කාලක් සමග මිශ්‍ර කරන්න. ඉන්පසු එයට උණුසුම් වතුර කෝප්ප දෙකක් එකතු කරන්න.මෙම මිශ්‍රණය තුළට රිෙදි දමා මිනිත්තු තිහක් තිබෙන්නට හැර හොඳින් සෝදා හරින්න.
05.ඉතා තද කහට පැල්ලම් යැවීම සඳහා.
හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කෝප්ප කාලක් සමග ඇමෝනියා බිංන්දු 4ක් මිශ්‍ර කරන්න. එයට ජලය කෝප්ප කාලක් එකතු කරන්න. මෙම මිශ්‍රණයට ඔබගේ ඇඳුම් දමා මිනිත්තු දහයක් පෙඟෙන්නට හැර සෝදා හරින්න.
06.ඔබගේ ඇඳුම් ශරීරයට සුවපහසු බවට පත්කර කරගැනීම සඳහා.
උණුසුම් වතුර කෝප්ප කාලක් සහ විනාකිරි කෝප්ප භාගයක් එකට මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණයට ඔබගේ ඇඳුම් දමා මිනිත්තු 40 ක් තිබෙන්නට හැර හොඳින් සෝදා හරින්න.
07.ඝන රෙදි වර්ග සේදීම.
ඔබගේ ඝන රෙදි වර්ග කිරි බඳුනකට දමා පැයක් දෙකක් පමණ පෙඟෙන්නට හරින්න. ඉන්පසු සාමාන්‍ය පරිදි සෝදා හරින්න. මෙමඟින් ඔබගේ රෙදි වඩාත් සුමුදු සුවපහසු තත්ත්වයට පත් වෙනවා.
