Home දේශිය පුවත් පොතපතට පෙම් බැඳි ප්‍රවීණ කතුවරියක් වූ ඇය, දිවි ගමනට සමුදෙයි…

පොතපතට පෙම් බැඳි ප්‍රවීණ කතුවරියක් වූ ඇය, දිවි ගමනට සමුදෙයි…

0
59
Fluttering blank white flag on flagpole isolated on black background

 

ප්‍රවීන ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 78 වියේ පසුවූණා.

ඇයගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ, කලක් රෝගාතුරව සිටි ඇය අද අලුයම පානදුර මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බවයි.

නවකතා, ළමා අධ්‍යාපන ග්‍රන්ථ, ළමා කවි, යොවුන් කතා, ඉතිහාස කතා, බෞද්ධ කතා, චරිත කතා ඇතුළු කෘති 358ක් රචනා කර ඇති ඇය ගුවන් විදුලි නාට්‍ය කීපයක්ද නිෂ්පාදනය කර තිබෙනවා.

කඳුළු බද්ද, අප්පච්චී, කැන්ගරුවෝ, බලවත්තු සහ බලවත්තු, ළා දලු බෝපත්, සිදුහත් යශෝදරා වැනි කෘතීන් සෝමා ජයකොඩිගේ කෘති අතරින් කිහිපයක්.

සාහිත්‍ය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක නියැලුණු ඇය, සම්මානනීය ලේඛිකාවක්.

ඇය නිවහන ලෙස පරිහරණය කළ රුපියල් කෝටි ගණනාවක් වටිනා බණ්ඩාරගම මැදගම ගඟ පාරේ දෙමහල්” රන්ගිර” නිවස ඇය විසින් ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට 2021 වසරේදී පරිත්‍යාග කර ඇති අතර එම නිවහන “සෝමා ජයකොඩි ආදර්ශ පුස්තකාල හා පුහුණු මධ්‍යස්ථානය” ලෙස නම්කර ප්‍රදේශයට ඉමහත් සේවාවක් සපයනු ඇති.

දේහය අද සවස බණ්ඩාරගම- මැදගමට රැගෙන ඒමට නියමිත අතර එළඹෙන 29 වෙනි බදාදා මැදගම අඳුන්වැන්න ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

Previous articleඒ වෙන්වීම ඇයට තවමත් දරාගන්න බැරි දුකක්.. පවුලේ හිතවතුන් එක්ක ගෙවීගිය සති අන්තයේ පියුමි කළ විශේෂ පින්කම – photos
Next article“ජේඩ්න්ට මල්ලිට ගොඩාක් දේවල් කියන්න තියෙනවලු…” – සජිතගේ සොඳුරු කැදැල්ල ලස්සන කළ අලුත් අමුත්තා
error: Content is protected !!
Verified by MonsterInsights