අපිට ප්‍රශ්නයක් නැත්නම්, ඔයාලා කරදර වෙන්න එපා .. චිරන්ත මට හමුවුන හරිම කෙනා – සමිතා

අපිට ප්‍රශ්නයක් නැත්නම්, ඔයාලා කරදර වෙන්න එපා .. චිරන්ත මට හමුවුන හරිම කෙනා – සමිතා

අපිට ප්‍රශ්නයක් නැත්නම්, ඔයාලා කරදර වෙන්න එපා .. චිරන්ත මට හමුවුන හරිම කෙනා – සමිතා

ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුවගේ පුත් අශේන් මුල්වරට ගීතයක් යූටියුබ් වෙත මුදාහරිමින් ඔහුගේ උපන් දිනය සැමරූ උත්සවය පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවේදී සමිතා සිය පවුලේ විස්තර රූපවාහිනී නාලිකාවක් හා බෙදාහදාගත්තේ පහත පරිදිය.

 

නිවේදිකාව
අද ආදරෙන් සතුට පිරුණු දවසක්. ඒ තමයි අපේ ආදරණීය සමිතා අක්කිගේ, සමිතා මුදුන්කොටුව. අපි ඇයට හරි ආදරෙයි. අපේ ක්ෂේත්‍රයෙන් ලාබාලම විශාරදවරිය… ඇගේ ආදරණීය පුංචි පුතාගේ උපන්දිනය.
ආයුබෝවන් ඉස්සෙල්ලාම. හොඳයි, කොහොමද දවස දැනෙන්නේ?

සමිතා
අද දවස හරිම සතුටු දවසක්. මොකද මේ… අක්කි, මගේ දුව , එයා මේ ක්ෂේත්‍රයෙන් ඉහළට ඇවිල්ලා ඉවරයිනේ. ඉතින් ගොඩක් ආදරෙයි කරනව කට්ටිය එයාට. හැබැයි පුතා හිටියේ, ආ… මුකුත් කරන්නැතුව හිටියා. හැබැයි මට ඕනකම වුණා එයා… ඒ සිහිනය (දැන්) උදා වුණා.
තව එක්කෙනෙක් අඩුයි. ඉතින් මේ… එයා අඩුයි. අද ශ්‍රී (ශ්‍රීමාල්?) ගිහිල්ලා තියෙන්නේ ප්‍රසංගයකට. ඉතින් ඇත්තටම දුකයි. මොකද (අශේන්) එයාට හරිම ආදරෙයි. එයාට දුකයි අද මෙතැන ඉන්න බැරි වුණා කියලා.

 

 

නිවේදිකාව
දැන් මේ අද වැඩේ කියන්නේ විශේෂයෙන් අශේන්ගේ උපන්දිනය සහ විශේෂයෙන්ම ඔහුගේ ගීතය යූටියුබ් එකේ බලන්න පුළුවන්. හැබැයි අද විශේෂයෙන් මේ දවස… විශේෂ විදිහට ‘Launch’ (එළිදක්වන) මේකේ පිටිපස්සේ වැඩ ගොඩක් කරපු අර ‘හස්තය’ ඉන්නේ, ඒ තමයි චිරන්ත. ගොඩාක් මහන්සි ඇති.

කවින්ද්‍යා
කොහොම හරි එයා (අශේන්) ගැන කිව්වොත්, ඇත්තම කතාව, අශේන් ගැන ගොඩක් ඇත්තටම බලන්නේ එයා (චිරන්ත). මොකද මමත් වෙලාවට ගෙදර නැහැ. අම්මිටත් වැඩ තියෙනවා සමහර වෙලාවට. එතකොට චිරන්ත තමයි වැඩිපුරම මල්ලිව බලන්නේ.
ඉතින් එයාගේ ක්‍රිකට් වැඩවලට, ඒ වගේම දැන් මේකෙත් (සින්දුවෙ) මම මොනවත්ම දන්නේ නැහැ. දැන් විෂුවල් එකේ වැඩවලින් නම්… මෙයා ඉතින් එහෙම යනවා. මේ වැඩක් නම්… අම්මිට අසනීප වුණත් මෙයා හැම තිස්සෙම ඉන්නවා. ලෙඩ වුණත් ඉන්නවා කෙලින්. ඉතින් එයා තමයි ගොඩක් (අශේන්ව බලන්නේ). …ඉතින් මම හිතන්නේ අම්මිට… දැන් මමත් ඉතින් බැඳලා, (අපි) එකම ගෙදර ඉන්නේ. නමුත් ගොඩක් (දේවල්) කළාට මට ‘present’ වෙන්න (එතන ඉන්න) බැරි වෙනවා, මගේ වැඩයි හස්බන්ඩ්ගෙ වැඩයි හින්දා. එතකොට මෙයා තමයි හැම තිස්සෙම අම්මිගේ පිටිපස්සේ ඉඳන් ඒවා බලන්නේ. ඉතින් මම හරි ‘Thankful’ (ස්තූතිවන්ත) වෙනවා එයාට.

සමිතා
මට ඕන වුණේ ඇත්තටම මාව විතරක් බලාගන්න (කෙනෙක්) නෙමෙයි, මගේ බබාලා දෙන්නත් බලාගන්න (කෙනෙක්). මොකද මට ආදරය ලැබිලා වැඩක් නෑ, මට ආදරේ කරන කෙනා ඒ දෙන්නට ආදරයක් දුන්නේ නැත්නම්. ඉතින් ඒ හින්දා මම හිතනවා මම හරිම කෙනාව තෝර ගත්තා කියලා.

මමයි මගේ දුවයි තනියම ඉන්න කාලේ, එයා ඇත්තටම අපි දෙන්නට තාත්තා (කෙනෙක් වුණා). …එයා හරියට… හරිම හොඳයි. අක්කි හැම වෙලේම කියනවා එයත් පින් කරලා තියෙනවා ඒ වගේ මල්ලි කෙනෙක් ලබන්න කියලා. මගේ පුතත් කියනවා “අම්මි, අක්කිව ලබන්න මම පින් කරලා තියෙනවා” කියලා. හැබැයි දැන් ඒක වෙනස් වෙලා.

චිරන්තයි අශේනුයි… ඒ දෙන්නම එකතු වෙලා අපේ පවුලට වෙනස්ම විදිහේ සතුටක් දැන් අපි ලබනවා. ඉතින් හැබැයි මෙයාලට වඩා මම හිතන්නේ මම තමයි එතනින් වැඩියෙන්ම සතුටු වෙන කෙනා. මොකද මාව බලාගන්න මේ දෙන්නයි, (මගේ හස්බන්ඩුයි) මේ දෙන්නා ඉන්නවා.

 

 

නිවේදිකාව
සමහර අයට ප්‍රශ්නයක් වුණා?

සමිතා
ප්‍රශ්නයක් නෑ දෙයියන්ගේ පිහිටෙන්. අනිත් අයට නම්… ඒක අනිත් අය කියන ඔක්කොටම නෙමෙයි, සමහර අයට තමයි ඒක ප්‍රශ්නයක් වුණේ.
ඉතින් අපි හැම වෙලාවෙම කියන්නේ, අපිට ප්‍රශ්නයක් නැත්නම්, ඔයාලා ඒක හිතලා නිදිමරාගෙන ඉතින් ගොඩක් අසනීප වෙන්න එපා. ඉතින් සතුටින් ඉන්න අපි වගේ. මොකද ඇත්තටම, සමහර කට්ටිය කියනවා අපි මේ (වගේ) එළියට ඇවිල්ලා මෙහෙම හිනා වුණාට ගෙවල්වලදී ඔහොම නෑ එහෙම කියලා. ඉතින් අපිව ආශ්‍රය කරන කට්ටිය දන්නවා අපි ගෙදරත් එහෙමයි, එළියට ගියත් එහෙමයි කියලා.

නිවේදිකාව
ලස්සනයි. ඇත්තටම ඇය දක්ෂයි. හැබැයි චිරන්ත, ඉස්සරට වඩා ලස්සනයි. මොකද හිතන්නේ? …

කවින්ද්‍යා
මම ඊයෙත් කිව්වා. දැන්නම්… අපි ඇයව කාලයක් තිස්සේ දකිනවා. මේ ළඟදිත් මම දැක්කා පරණ (ෆොටෝ එකක්), අවුරුදු තුනක විතර කාලයක. ඇයි, මං කිව්වා, “මට දැන් තමයි එයාව ලස්සනට පේන්නේ” කියලා. මං හිතන්නේ ඇත්තටම අර අපි හැමෝම හොයන ආදරයක් තියෙනවනේ.
ඉතින් මං හිතන්නේ අම්මි ‘Lucky’ (වාසනාවන්ත) වුණා එයාට ආදරේ කරන කෙනෙක්, එයා කියන විදිහට අපි හැමෝටම ආදරේ කරන කෙනෙක් හම්බවුණා කියලා මම හිතනවා.
දැන් මම වුණත් හරිම සැහැල්ලුවෙන්, සතුටෙන් (ඉන්නේ). ඒ අපි ඔක්කොටම… මං හිතන්නේ අපේ ජීවිතවල අපි හැමෝටම ප්‍රශ්න එනවා. ඕනම කෙනෙක්ට ප්‍රශ්න තියෙනවා. නමුත් මං හිතනවා හැමෝටම අර කියනවා වගේ වසන්තය උදා වෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන් උදා වෙනවාමයි. ඒක විශ්වාස කරගෙන ජීවත් වුණොත් අපි වගේ ලස්සනට ජීවත්වෙන්න පුළුවන්. හොඳයි, අපි වුණත් සාක්ෂි දරනවා.

චැනල් සී නාලිකාව සමග සමිතාගේ පවුලේ අය කළ සාකච්ඡාවේ වීඩියෝව මෙතැනින්…

 

Local Gossip