Home Uncategorized සින්දු අහන එකේ පොඩි රසය නිසා මුළු ජීවිතේම බිහිරි වෙන්න කැමතිද? කනෙන්...

සින්දු අහන එකේ පොඩි රසය නිසා මුළු ජීවිතේම බිහිරි වෙන්න කැමතිද? කනෙන් ඉයර් බඩ්ස් ගලවන්න කලින් මේක කියවන්න.

0
219

මේ දවස්වල බස් එකේ, පාරේ, ජිම් එකේ, වැඩ කරන තැන්වල, අන්තිමට නාන කාමරේදිත්… කනෙන් ගලවන්නේ නැති උපකරණයක් තමයි මේ Earbuds දෙක.

“මම අහන්නේ මගේ පාඩුවේනේ, කාටවත් කරදරයක් නෑනේ…” කියලා හිතාගෙන ලෝකෙන් තොර වෙලා Earbuds දෙක කනේ ඔබාගෙන ඉන්න අයට ලොකුම ආරංචියක්. ඔබ මේ රහසින්ම කරන්නේ ඔබේ ජීවිතේ වටිනාම දෙයක් විනාශ කරගන්න එක කියලා ඔබ දන්නවද?

ඔබ සාමාන්‍යයෙන් සින්දුවක් අහද්දි සද්දේ එන්නේ ඈතින්. ඒත් මේ “In-ear buds” කියන්නේ ස්පීකර් එකක් කෙලින්ම ඔබේ කන ඇතුළට ඔබාගෙන ඉන්නවා වගේ වැඩක්.

අපේ කන ඇතුළේ සද්දේ මොළයට ගෙනියන්න උදව් වෙන, ඇහැට පේන්නේ නැති තරම් සියුම් “රෝම සෛල” දහස් ගණනක් තියෙනවා. ඔබ අධික සද්දෙන් (High Volume) දිගටම සින්දු අහද්දි, සැඩ සුළඟකට ගස් කොළන් කැඩිලා යනවා වගේ මේ සෛල විනාශ වෙලා යනවා.

මේ සෛල වරක් මැරුණොත් ආයේ කවදාවත් හැදෙන්නේ නෑ. ඒ කියන්නේ “ආයෙත් කවදාවත් ඇහෙන්නේ නැති වෙන” ස්ථිර හානියක් (Permanent hearing damage) ඔබේ කනට සිදුවනවා…

වයසට ගිහින් ඇහෙන්නේ නැති වෙන එක, දැන් වයස 20-30 වෙද්දී වෙන්න පුළුවන්.

ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ ගැන “රතු එළියක්” දල්වලා තියෙන්නේ. මේ පුරුද්ද නිසා ලෝකේ පුරා තරුණයින් බිලියනයක් (කෝටි 100ක්!) අනාගතයේදී ස්ථිර බිහිරි බවට පත්වීමේ අවදානමක ඉන්නවා. “අනේ මට දැන්ම මොකුත් වෙන්නේ නෑ” කියලා හිතාගෙන හිටියට, වයසට ගිහින් ඇහෙන්නේ නැති වෙන එක, දැන් වයස 20-30 වෙද්දී වෙන්න පුළුවන්.

Phone එකේ Volume එක 60% කට වඩා වැඩි කරන්න එපා. ඒ වගේම එක දිගට විනාඩි 60 කට වඩා සින්දු අහන්න එපා. කනට පොඩි විවේකයක් දෙන්න. වටේ සද්දේ වැඩි නිසා අපි Volume වැඩි කරනවා. පුළුවන් නම් Active Noise-Canceling තියෙන බඩ්ස් පාවිච්චි කරන්න. එතකොට අඩු සද්දෙන් වුණත් පැහැදිලිව අහන්න පුළුවන්.

කන ඇතුළටම දාන In-ear buds වලට වඩා, කන වටේට දාන Over-ear headphones තරමක් ආරක්ෂිතයි. සින්දු අහන එකේ තියෙන පොඩි රසය වෙනුවෙන්, මුළු ජීවිත කාලෙම කන ඇහෙන එකේ වටිනාකම නැති කරගන්න එපා.

අන්තර්ජාලයෙන්

Previous articleඇය හදිසියේම එවැනි තීරණයක් ගත්තේ මේ නිසාද? පෙම්වතා ඉදිරිපිට පාලමෙන් පැන දිය පතුලේ සැඟවුණ උමයංගනා.. බෝපිටිය කම්පා කළ ඛේදවාචකය ගැන වෙනස්ම කතාවක් එළියට..
Next articleඅලුත් අවුරුද්දට මේ පොඩි වෙනස කරලා බලන්න.. ඔබේ නිවසේ ප්‍රධාන දොර ළඟ තියන පාපිස්ස මේ වර්ණයෙන් යෙදුණොත්.
error: Content is protected !!
Verified by MonsterInsights