Home සුව අරණ 25 පනින්නත් කලින් බයිපාස්? ලංකාවේ තරුණයින්ට මොකද වෙන්නේ…. දොස්තරලා කියන බය හිතෙන...

25 පනින්නත් කලින් බයිපාස්? ලංකාවේ තරුණයින්ට මොකද වෙන්නේ…. දොස්තරලා කියන බය හිතෙන ඇත්ත.

0
548

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ඇහෙන අලුත්ම ආරංචිය නම් ඒ තරම් සුබ එකක් නෙවෙයි.

මෙච්චර කල් අපි හිතුවේ “බයිපාස්” (Bypass) සැත්කම් කියන්නේ අවුරුදු 60-70 පහු වුණු සීයලාට, ආච්චිලාට තියෙන ලෙඩක් කියලා. හැබැයි දැන් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා….

හෘද උරස් විශේෂඥ වෛද්‍ය නාලක දිසානායක මහතා හෙළි කළේ, කලින් වයසක උදවියට විතරක් කරපු මේ සංකීර්ණ සැත්කම්වලට දැන් අවුරුදු 25ත් 30ත් අතර තරුණයින් පෝලිම් ගැසී සිටින බවයි. හිතාගන්නවත් බැරි විදියට තරුණ පිරිස් අතර හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය ඉහළ ගිහින්.

කාන්තාවන්ට වඩා හෘදයාබාධ ඇතිවීමේ වැඩි අවදානමක් පිරිමින්ට තියෙනවාලු. ඒකට හේතු විදියට වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ජානමය බලපෑම්, ස්ත්‍රී-පුරුෂ හෝමෝනවල පවතින වෙනස්කම්, පිරිමින්ගේ ජීවන රටාවේ තියෙන වැරදි පුරුදු.

ලංකාවේ බයිපාස් සැත්කම් කරන්න ලොකු පොරොත්තු ලේඛනයක් (Waiting List) තියෙනවා. අපේ රටේ මේ වගේ සැත්කම් කරන්න තියෙන පහසුකම් සීමිතයි. “ඉතින් ශල්‍යකර්මයක් කරනවාට වඩා වටින්නේ මේ ලෙඩේ හැදෙන්න කලින් වළක්වා ගන්න එක” කියලා වෛද්‍ය නාලක දිසානායක මහතා අවධාරණය කරනවා.

Previous articleඇත්තටම එහෙමත් පිරිමි ඉන්නවද ? රටක් ආදරේ කරන ඈ කී අමුතු කතාව මෙන්න
Next articleහොඳම යාළුවට Love කරද්දි ඒක මාර හැඟීමක්…
error: Content is protected !!
Verified by MonsterInsights