Home සුව අරණ මොකද්ද මේ…මේ දවස් වල තියෙන ඉන්ෆුවෙන්සා උණ කියන්නේ…

මොකද්ද මේ…මේ දවස් වල තියෙන ඉන්ෆුවෙන්සා උණ කියන්නේ…

0
681

මොකක්ද මේ..
ඉන්ෆ්ලුවෙන්සා උණ ..

 මෙය වෛරසයක් මගින් පැතිරෙන අතර A සහ B වශයෙන් වර්ග 2ක් තියෙනවා මෙයින් ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය තරමක් අමාරු තත්වයක් ඇතිකරන්න පුලුවන් ,90% ඉබෙම් සුවවෙන අතර සාමාන්‍ය රෝගලක්ෂණ පෙන්නනව.

නමුත් මේ දිනවල චිකන්ගුන්‍ය සහ ඩෙංගු උණ්ද පැතිරෙන බැවින් ප්‍රවේසම් වීම සහ නිසි වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වැදගත් ..

මෙම රෝගය බිදිති මගින්( සුලගෙන්) බොවෙන අතර සෙම සොටු තැවරුනුතැන්වල වෛරසය පැය24, ක් නොනැසී පවතී.

රෝගය වැඩිහිටියෙක් ගෙන් දින3-5 ක් සහ දරුවන්ගේන් දින7-10 කාලයේදී තවකෙකුට බෝවිය හැකිය..
 

මොනවද රෝගලක්ෂණ
1.උණ ,උණ ගතිය හෝ ඇග වෙව්ලා සීතල දැනීම
2.කැස්ස..
3 ඌගුරේ දැවිල්ල.
4මාංශ පේශී වේදනාව..
5 නාසයෙන් සොටු ,දියර ගැලීම
6.ඇගේ දුර්වල ගතිය ,මහන්සි ගතිය..
7.ඇතැම් විට වමනය සහ පාචනය ..

ඇතැම්විට නියුමෝනියා තත්වයට පත්විය හැකිය එහිදි රෝග ලක්ෂණ ක්ෂනිකව වෙනස්වෙනව
උදා..
1. නොනවතින කැස්ස
2.වැඩියෙන් කහපාට සෙම පිටවීම,සෙම සමග ලේ පිටවීම..
3.හුස්ම ගැනීමේ අපහසුව.
4.හතිය ඇතිවීම
5.අධික උණ්.
6.පපුවේ කැක්කුම සහ තද ගතිය..
7.ඇතැම්විට සිහි විකල් තත්වයක් ඇතිවීම..

 ඔබ කලයුත්තේ කුමක්ද ?
1. හොදින් විවේක ගැනීම.
2 ප්‍රමාවත් තරම් දියර පානය කිරීම උදා ජලය,උනුසුම් සුප් වර්ග.,
3. උනුසුම්ව සිටීම..
ඉගුරු මගින් උගුරට සහනයක් ඇතිවෙනවා වගේම ප්‍රතිශක්තිය වැඩිකරනව..,වාෂ්ප ඇල්ලීමෙන සහනයක් ලැබෙනව….
4 විටමින් C මගින් ප්‍රතිශක්තිය වැඩිකරනව.
5. විටමින් D ,බීට කැරොටින් සහිත ආහාර( අර්තාපල් ,කැරට් ,වට්ටක්කා ,කොලපාට එලවලු,බ්‍රොකලි,නිවිති,අඹ )..

මෙම රෝගලක්ෂණ බොහොමයක් ඩෙංගු උණ වලදීද ඇතිවන බැවින් ප්‍රවේසම් වීම වැදගත්..

වෛද්‍ය පාලිත රාජපක්ෂ

Previous articleනිතරම නළල හිරකරලා අල්ලනවා වගේ දැනෙන හිසරදයෙන් ඔයත් පීඩා විඳිනවද?
Next articleඋදරයේ ඇති වෙන සියලු වේදනාවන් නිට්ටාවටම සුව කරන අලිගැටපේර පානය මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights