Home සුව අරණ කැස්ස පීනස නිට්ටාවටම සුව කරන එලබටු කැඳ ගැන විශ්මිත හෙළිදරව්වක් මෙන්න

කැස්ස පීනස නිට්ටාවටම සුව කරන එලබටු කැඳ ගැන විශ්මිත හෙළිදරව්වක් මෙන්න

0
238

ගම්බද බොහෝ නිවෙස් වල දකින්නට පුළුවන් ඉතාමත් රසවත් කැඳකි එලබටු. සෙම් රෝග වලට විශේෂයෙන් ගුන දෙන එලබටු කොල කැඳ ඉතාම රසවත් ය. එලබටු සෙම් රෝග නාසකයි. එම නිසා කැස්ස පීනස නිතර පවතින කැස්ස ආදී සියලු සෙම් රෝග වලට ඉතා හොඳයි. නිතර පවතින හිසරදය, ඇස්වල කදුළු ගැලීම, ඇස් කැසීම, ඇස්වල නගන ආදී රෝග බොහොමයක් නැති කරයි. සමේ පවතින ලප කැලැල් නැති කර සම පැහැපත් කරයි. අර්ශෂ් රෝගීන්ට ඉතා හොඳයි. මල බද්දය දුරු කරයි. ඇග උණු කරවා යෑම සහ ඔසප් ශුලය අඩු කරයි. බඩගින්න වඩවයි. අතපය වේදනාව අඩු කරයි. තුනටිය අමාරු හන්දි වේදනාව අඩු කරයි.

එල බටු වලින් රසවත් කැඳක් හදාගන්න විදිය අපි බලමු. මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – එලබටු කොල අවශ්‍ය පමණට, කැකුළු සහල්, සුදු ළූනු බික් කීපයක්, පොල් ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, හකුරු.

මේ තියෙන්නේ සාදන ක්‍රමය – එලබට කොල සෝදා පිරිසිදු කර බ්ලෙන්ඩරයට දමා සුදුළූනු හා පොල් ස්වල්පයක් සහ වතුර ටිකක් දමා බ්ලෙන්ඩර් කර යුෂ සාදා ගන්න. කැකුළු සහල් ටිකක් ගෙන ලිප තබා බත් තැම්බුණු පසු බ්ලෙන්ඩර් කර ගත් එලබටු යුෂ දමා එයට අවශ්‍ය පමණට ලුණු දමා මද ගින්නේ රත්කර පානය කරන්න. (ක්ලොස්ටර්රෝල් ඇති අය පොල් නොදමා සකසා ගන්න.) වැඩි රසයක් සඳහා හකුරු ස්වල්පයක් සමඟ පානය කරන්න.

වෛද්‍ය කුමුදිකා මල්ලිකාරච්චි
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

Previous articleදියවැඩියාවට නිට්ටාවටම සුවය සලසන අංක එකේ පළතුර ගැන විශ්මිත හෙළිදරව්වක් මෙන්න
Next articleපිළිකා සුවකරන අපිට අගයක් නැති පිටරට වල අධි මිලට විකිණෙන පළතුර
error: Content is protected !!
Verified by MonsterInsights