Home ජීවිතයට යමක් නොසිතූ වෙලාවක සිරුර අඩපණ කරන අපස්මාරය නොහොත් මීමැස්මොරය නිට්ටාවට සුවකරගමු..

නොසිතූ වෙලාවක සිරුර අඩපණ කරන අපස්මාරය නොහොත් මීමැස්මොරය නිට්ටාවට සුවකරගමු..

0
435

එක්වරම බිම ඇද වැටී මුළු ශරීරයම වෙවුලන සෙම දමන අය ඔබත් දැක ඇතිවාට සැක නැහැ. කීයක් හරි හොයාගන්නට සමහර අය මේ විදියට රඟපෑවත්, ඇත්තට මෙය රෝගයක්. එය සාමාන්‍ය ව්‍යවහාරයේදී හැඳින්වෙන්නේ මීමැස්මොරය හැටියටයි. වෛද්‍ය විද්‍යාවේදී අපස්මාරය ලෙස හැඳින්වෙන්නේද මෙයයි. ඒ වගේ රෝගියෙකුට වෛද්‍ය ප්‍රතිකාරයක් ලැබෙන කල් උදව් කරන්න ඔබටත් පුළුවන්. ඒ නිසා අපස්මාරය නැත්නම් මීමැස්මොරය කියන්නේ මොකක්ද කියලා අද අපි කියන්නම්.

මොකක්ද මේ අපස්මාරය ?
මෙය අමුතු ලෙඩක්වත් ලැජ්ජා වියයුතු ලෙඩක්වත් නෙමෙයි. මෙහිදි සිදුවෙන්නේ මොළයේ සිට එන විද්‍යුත් පණිවුඩ බාධාවකට ලක්වෙලා වැරැදි අතකට යොමුවීම නිසා තමන්ගේ අවයවවල මාංශ පේශීන්වල ක්‍රියාකාරීත්වය නිසි පාලනයෙන් ගිලිහී යාමයි. මේ නිසා වැරැදි ස්ථාන කරා පණිවුඩ රැසක් යොමුවීමෙන් ශරීරයේ වෙව්ලීම හටගෙන සමබර නැතිව ඇද වැටීමයි.

සාමාන්‍යයෙන් අපේ ශරීරයේ ක්‍රියා පාලනයට සුවිශේෂී වූ විවිධ මධ්‍යස්ථාන මොළයේ වෙන වෙනම තිබෙනවා. මේ මධ්‍යස්ථාන මගින් නිකුත් වෙන සංඥාවන් කිසියම් නිශ්චිත මාර්ගයක ගිහින් ශරීරයේ අදාළ ස්ථානය කරා ගොස් අදාළ ක්‍රියාව ඉටු කරන්නට අවශ්‍ය අවයවය මෙහෙයවනවා. මේ සංඥා ගමන් කරන මාර්ග බාධකයකට ලක්වුණොත් ඒවා පිට පනිනවා.එවිට ඒ ස්නායු පරිපථවලට අදාළ ශරීර කොටස් නිසි පාලනයකින් නිසි අවශ්‍යතාවයක් නැතිව ක්‍රියාත්මක වෙනවා.මේ තත්ත්වයේ බරපතළ අවස්ථාව තමා මීමැස්මොරය නැතිනම් අපස්මාරය කියන්නේ.

අපස්මාරයට හේතු..

ජානමය තත්ත්ව
ස්නායුවල උපතින්ම ඇතිවන අඩු වර්ධනය
උණ
මොළය ආශ්‍රිත ආසාදන
හිසට ඇතිවන පහරදීම්
හිසේ ඇතිවන රෝග තත්ත්ව
සමහර ඖෂධ
අධික මත්පැන් භාවිතය
මානසික අසහනය
මත්ද්‍රව්‍යය භාවිතය

රෝග ලක්ෂණ..

ඇස් උඩ යාම
සිහි නැතිවීම
අතපය ගැහෙනවා
බෙල්ල පැත්තකට යාම
අතපය දරදඩුවීම හෝ ඇඹරීම
ශරීරය දැඩි බවට පත් වීම

අපස්මාරය සඳහා ඖෂධ ප්‍රතිකාර..

Sodium valproate
Phenytoin
Carbamezepine
Lamotrigine
Topiramate

Elderly man lies on floor, clutching heart.

ඉහත සඳහන් කරලා තියෙන්නේ නිතර භාවිතා කරන ප්‍රතිකාර කිහිපයක්. අපසමාරය සඳහා සිදුකරන ඖෂධ ප්‍රතිකාර නිසි සුදුසුකම් සහිත ස්නායු වෛද්‍යයව‍රයෙක් හෝ කායික වෛද්‍යයව‍රයෙක් විසින් ආරම්භ කිරීම වැදගත් කරුණක්.

අපස්මාරය පාලනයට ජීවන රටාවේ වෙනස්කම්..

නිසි නින්දක් ලැබීම
අධික වෙහෙසකර ,මානසික අසහනට හේතුවන ‍රැකියා ‍තෝරා නොගැනීම
මත්පැන් භාවිතය සීමා කිරීම
මත්ද්‍රව්‍යය භාවිතය නැවතීම
දිනපතා ව්‍යායාම කිරීම
නිසි විවේකයක් ලබා ගැනීම

ඔබටත් අපස්මාරය තියෙනවා නම්..

ජලයේ සිදුකරන ක්‍රිඩා වලදී පරිස්සම් වෙන්න
රිය ධාවනය සම්බන්ධ ක්‍රිඩා වලදී පරිස්සම් වෙන්න
මත්පැන් සහ මත්ද්‍රව්‍ය ගැනීම සම්පුර්ණයෙන් නවත්තන්න
නිදිවැරීමෙන් වලකින්න
අධික ලෙස සිරුර සහ මනස මහන්සි කිරීමෙන් වලකින්න
නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන්න
ගර්භනීභාවය සැලසුම් කිරීමේදී සැලකිලිමත් වන්න

කාට හරි අපස්මාරය හැදුණොත්..

රෝගියාගේ ගැහෙන තත්වය ඉවර වෙන තෙක් කිසිවක් නොකළ යුතුයි.
රෝගියාගේ හිසට යටින් නැමූ තුවායක් වගේ දෙයක් තියන්න
රෝගියා සිටින තැන අනතුරුදායකද ඔහුට හොඳින් හුස්ම ගන්න පුළුවන්ද කියා සොයා බලන්න.
රෝගියාට සිහිය ආවට පස්සෙ ඔහුව සන්සුන් කරන්න.
නැඟිටින්න උදව් කරලා විවේක ගන්න පුළුවන් තැනකට ඔහුව ගෙනියන්න.
ගැහෙන තත්වය විනාඩි පහකට වඩා තියෙනවා නම්, ඒ එක්කම නැවතත් ඒ රෝගී තත්වය ඇති වුණා නම් හෝ ගැහෙන එක නතර වෙලා විනාඩි කිහිපයක් ගියාට පසුවත් සිහිය ආවේ නැත්නම් වහාම ගිලන් රථයක් ගෙන්වන්න.

වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු අවස්ථා..

ප්‍රථම වරට අපස්මාරය ඇති වී ඇත්නම්
අපස්මාරය මිනිත්තු 5කට වඩා පවතීනම්
එක දිගට කිහිප වරක් අපස්මාරය සෑදී ඇත්නම්
හුස්ම ගැනීමේ අපහසුතා හෝ ඔවුන්ට බරපතල ලෙස තුවාල වී ඇත්නම්

රෝගයක් කිව්වහම අපි හැමෝම බය වෙනවනේ. හැබැයි අපස්මාරය ගැන නම් බය වෙන්න දෙයක් නැහැ.මොකද මේ රෝගය සුව කරන්න ඖෂධ තියෙනවා.ඉතින් බය වවන්න එපා ,ලැජ්ජා වෙන්න එපා .ඔබට ,ඔබේ පවුලේ කෙනෙක්ට අපස්මාර තත්ත්වක් තියෙනවා නම් නිසියාකාර දැනුවත් වීම් සහ ප්‍රතිකාර මගින් ලස්සන ජිවිතයක් ගත කරන්න පුළුවන්.

Previous articleඔබේ සිරුරේ ලුණු වැඩි වුණොත් මොකද වෙන්නේ?
Next articleඉකිලි කැසීමේ රෝගය නිට්ටාවටම හොඳ කරගන්න ක්‍රම 15 ක් මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights