ඕනෑවටත් වඩා දාඩිය දානවාද? එහෙනම් මේ ස්වාභාවික ක්‍රම හතර ඔබත් කරලා බලන්න.
අධික ලෙස දහඩිය දැමීම බොහෝ දෙනෙකුට ගැටලුවකි. මේ හේතුව නිසා දහඩිය දුගද හැමීම ද සිදු වේ. මෙම ලිපියෙන් ගෙන එන්නේ දහඩිය දැමීම අඩු කරගත හැකි ස්වාභාවික ක්‍රම කීපයකි.
01. ඇල්කොහොල් භාවිතය අඩු කිරීම
අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ ඇල්කොහොල් භාවිතය නිසා සිරුරේ ඇඩ්‍රිනලීන් නිපදවීම වැඩි වන බවත් ඒ නිසා දහඩිය දැමීම ද වැඩි වන බවත් ය.
02. කැෆේන් අඩංගු පානයන් පානය කිරීමෙන් වැළකීම
කෝපි වැනි කැෆෙන් වැඩිපුර අඩංගු පානයන් මගින් ඇඩ්‍රිලීන් නිපදවීම වැඩි වී දහඩිය දැමීම උත්තේජනය වේ.
03. දෙහි යුෂ
අත්යට දෙහි යුෂ හොදින් ගල්වන්න. මෙය දෙහි බෑයක් හොදින් අත්යට ඇතිල්ලීම මගින් සිදු කළ හැක.
04. වැඩිපුර ජලය පානය කරන්න
වැඩිපුර ජලය පානය කිරීම මගින් සිරුරේ උෂ්ණාධික බව අඩු වී සිරුර සිසිල් වේ. මෙමගින් දහඩිය දැමීම අඩු වේ.












