පහුගිය කාලේ අහස උසට නැගලා, සාමාන්‍ය මිනිස්සුන්ට හීනයක් වෙලා තිබුණු රත්තරන් මිලට අද මොකද වුණේ කියලා දන්නවද?
හෙට්ටිවීදියම කළඹමින් ලෝක වෙළෙඳපොළේ රන් මිල එකපාරටම පහළ බැසලා තියෙනවා.
මේ දිනවල ඇමරිකානු ඩොලරය ලෝක වෙළෙඳපොළේ සෑහෙන්න දඟලනවා.
ඒ නිසා රත්තරන්වලට තිබුණු ඉල්ලුම එකපාරටම “ඩවුන්” වෙලා.
මේකේ වාසිය අන්තිමට කැරකිලා ඇවිත් තියෙන්නේ අපේ රටේ රත්තරන් ගන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ටයි.
මේක මංගල උත්සව ගන්න ඉන්න අයටයි, රත්තරන් ආයෝජනයක් විදිහට දකින අයටයි ලැබුණු නියම “චාන්ස්” එකක්.
හැබැයි මතක තියාගන්න, මේ වාසනාව හැමදාම තියෙයිද කියලා කාටවත් කියන්න බැහැ.
ඕනෑම වෙලාවක මේ සෙල්ලම කණපිට හැරෙන්න පුළුවන්.
ඒ නිසා රත්තරන් ගන්න ප්ලෑන් එකක් තියෙනවා නම්, දැන්ම වෙළෙඳපොළ ගැන ඇහැ ගහගෙන ඉන්න එක තමයි නුවණට හුරු.









