Home ජීවිතයට යමක් මනුස්සයෙක්ට වෙන්න පුළුවන් නරකම දේ ඒක නෙවෙයි.. මට වෙලා තියෙන්නේ ජීවිතේ ලැබෙන්න...

මනුස්සයෙක්ට වෙන්න පුළුවන් නරකම දේ ඒක නෙවෙයි.. මට වෙලා තියෙන්නේ ජීවිතේ ලැබෙන්න තියෙන හොඳම දේ..” ජීවිතය පැරදුණු හැමෝම ඇසිය යුතුම කතාවක්…

0
657
ජීවිතය කියන්නේ මල් යහනාවක් නෙවෙයි. එක එක විදියේ බාධක, කඩඉම් අපේ ගමන නතර කරන්න බලන් ඉන්නවා.

හැබැයි තමන්ට තියෙන අඩුපාඩු පසෙකලා, ඒ හැම අභියෝගයක්ම තමන්ගේ සාර්ථකත්වයේ පඩිපෙළක් කරගත්තු අපූරු තරුණියක් ගැනයි මේ කතාව.

ඇය නමින් නිමේෂා. පසුගියදා ඇය උසස් පෙළ විභාගයෙන් ඒ සමර්ථ (A) 3ක් ලබා ගනිමින් මුළු රටම මවිත කළේ, තමන්ට ඇති බාධක තමන්ගේ ගමනට බාධාවක් නොවන බව ලෝකයටම ඔප්පු කරමින්.

පසුගියදා නිමේෂා හිරු ටීවී හි ජනප්‍රිය “කොපි චැට්” වැඩසටහනට සහභාගී වූ අතර, එහිදී ඇය දැක්වූ අදහස් කාගේත් දෑසට කඳුළක් එක් කළා. ඇය එතැනදී පැවසුවේ ඇය අද ඉන්න තැනට එන්න ශක්තිය වුණේ ඇයගේ අම්මා සහ අප්පච්චි බවයි.

“මං ඉපදෙනකොට මාව අභියෝගයක් වුණේ මට නෙවෙයි ඒ දෙන්නට. ඒ දෙන්නා වැටුණ තැන්වලින්, නැතිවුණ බලාපොරොත්තුවලින් කාලයත් එක්ක හිත හයිය කරගෙන තමයි අද මාව මෙතනට අරන් ආවේ…”

නිමේෂා එහිදී ලෝකයටම දුන්නේ ඉතාමත් වටිනා පණිවිඩයක්. ඇය පවසන පරිදි මනුස්සයෙක්ට වෙන්න පුළුවන් නරකම දේ ශාරීරික අඩුපාඩුවක් නෙවෙයි.

“මනුස්සයෙක්ට වෙන්න පුළුවන් නරකම දේ තමයි දරාගෙන යන්න පුළුවන් හයිය හිතක් නැති වීම. මං හිතන්නේ මට වෙලා තියෙන්නේ ජීවිතේ ලැබෙන්න තියෙන හොඳම දේ...”

Previous articleපැය 16ක් අත්හිටුවයි..හෙට මෙන්න මේ ප්‍රදේශවල ඉන්න ඔබ විමසිලිමත් වෙන්න..
Next article“කැමති නැකතක් බලලා අවුරුදු කන්න..” ලංකාවටම එකම වෙලාවක අවුරුදු කන්න බැරි වෙයිද? මොකද්ද මේ නැකැත් සීට්ටුවට වෙච්ච දේ
error: Content is protected !!
Verified by MonsterInsights