මේ ඉන්නෙ අපේ තාත්තගෙ කලූ..
මෙයාගෙ කුඩාකාලෙ අපේ ගෙදර එයාගෙ නංගී ,මල්ලි, පුංචි , අම්මා ,තාත්තා වගේ 7/8 ක් හිටියා. ඒ සේරම විවිධාකාර ආර්ථික ප්‍රශ්න මත අපි විකුණුවා මෙයා ඇරෙන්න.
මෙයා තනියා වුණාට අහළ ගම්7/8 ක එයාගෙ සනුහරේ හොල්ලාන හිටියෙ ජවාධික තරුණ කොල්ලා කාලේ.
තිබුණු දාංගලේට තාත්තත් ඌ දුවන දිවිල්ලට පස්සෙන් දුවන් ගිහින් වෙල්වල වැටිල හත් අට පාරක් තාත්තට අත් කකුල් වලට පත්තු බඳින්න සිදුවුණා. එක පාරක් 1990 න් අරන් යන තරම් අමාරුවෙන් හිටියෙ.
කල් යද්දී එයා වගේම අපේ තාත්තත් වයසට ගියා. එයාට 25 වෙද්දී තාත්තට 70ක්. විකුණන්න දාහක් හේතු තිබ්බත් තාත්තා කීවේ ” මැරෙනකම් බලාගන්නව” කියල. ඒක තමා තාත්තා එයාගෙ නෑදෑයන් විකුණපු වෙලේ එයාටම වෙච්චි පොරොන්දුව..
ඔය කියපු දවසෙ උදේ වෙනකම් කෙළින් කටින් හිටිය මෙයා වැටුනෙ ආයේ නොනැගිටින්නටම.
දොස්තර ඇවිත් බලලත් කීවෙ ගොඩගන්න බෑ. හුස්ම ගන්න පහසු වෙන්න ඔළුව උඩට උස්සල තියන්න කියල. සේරම එකතු වෙලා ලණුදාලා ඇදල ඔළුව කෙළින් තිබ්බත් පැය කීපෙකින් එයා ටිකෙන් ටික ශරීරය අතෑරියා.
තාත්තට ඕන වුණා පාංශුකූල දෙන්න.
ඒ නිසාම අවසන් කටයුතු පහුවදාට දැම්මා. හවස ලොකු අයියා ඇවිත් පහන් කීපයක් පත්තු කරල ගියා ඌව තනි කරන්න හොඳ නෑ කියල.
පහුවදා උදෙන්ම පාංශුකූල සඳහා පැන්නිතව පන්සලේ ලොකු හාමුදුරුවෝ වැඩියා. හරිම කැමැත්තෙන් …දවල් දානෙකට දුරක යන්න තියෙද්දි අපේ වැඩේට උදෙ 7 වෙද්දී වැඩියා.
තාත්තට ඕන වුනෙ කළුවට සාංසාරික සුවයක් පතන්න. ඒක ඉටු වුණා. කළුව තිරිසන් ආත්මයෙන් මිදිල සැපපහසු ජීවිතයක් , භවයක් ලබාවි කියල මට විස්වාසයි..
* පුශ්පා වීරසේකර සටහනක් *












