Home සුව අරණ රුධිරගත කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම වලකන ගොරකා

රුධිරගත කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම වලකන ගොරකා

0
317

මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත්. ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගය ම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා. චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා.

අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් කොලෙස්ටරෝල් පාලනය සඳහා ,නිපදවූ ඖෂධයකට ගොරක යොදා ගැනුණු අතර අදාල පදාර්ථ වඩාත් අඩංගුවූයේ, ශ්‍රීලංකා ගොරකවල බව නිෂ්පාදන නිරීක්ෂණ වලදී හඳුනාගත් බව සඳහන්. ආහාර සඳහා යොදාගැන්මට පැසී ඉදුණු ගෙඩිවල පලු වෙන් කර වියළා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒවායේ විටමින් C බහුලවන අතර ටාටරික් අම්ලය පොටෑසියම් හා තවත් විටමින් හා පෝෂක අඩංගුයි.

රුධිරගත අධික කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් සිරුර තුළ සංසරණය වන ලිපිඩ අඩු කිරීම නිසා රුධිරගත කොලෙස්ටරෝල්වල අහිතකර LDL අඩුවී, හිතකර HDL වර්ධනය වනවා. රුධිරගත සීනි පාලනයවී දියවැඩියාව ද පාලනයවනවා.

සිරුරේ පරිවෘත්තීය ක්‍රියා කාර්යක්ෂ්ම වී ප්‍රතිශක්තිකරණය ශක්තිමත්වනවා. එය රෝගාබාධ ආසාදන වලට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සෙම් ප්‍රතිශ්‍යාව උණ වැනි සාමාන්‍ය රෝග වැළක්වීමට හෝ ඉක්මනින් සුවපත් කිරීමට දායකවනවා. ආහාර රුචිය වර්ධනය කරනවා. ඉදිමුම් දැවිලි සන්ධි රෝග, සමනය කරනවා. ගර්භාෂ රෝග වලට එරෙහිව, ක්‍රියාත්මක වනවා විදුරුමස් රෝග සුවකර දෙනවා. තරබාරුකම දුරු කිරීම, මලපහවීම පහසු කිරීම, බිඳුණු අස්ථි ඉක්මනින් සුවපත් කිරීම, වැනි කාර්යයන්හිත් නියැලෙනවා. කැඩුම් බිඳුම්. සඳහා ගොරක පොතු හා මල් යොදාගනු ලබනවා . වකුගඩු ගල් කැබලි කිරීමේ ශක්තියක් ද එය සතුයි. ආහාර ජීර්ණය ක්‍රමවත් කරමින් ආහාරවල විෂ සමනය කරමින් බඩවැල් පිළිකාවලින් මිදීමටත් මං පාදනවා. රක්තවාතය, වණ, බඩවැල් රෝග, හා සත්ත්ව රෝග සඳහා ඖෂධ සැකසීමට ද ගොරකා යොදා ගැනෙනවා.

ආහාර කල් තබා ගැන්මටත් මාළු ඇඹුල් තියල, පොළොස්, කොහිල, කැකිරි වැනි වෑංජන රසවත් හා ගුණවත් කිරීමටත් ගොරකා උපකාරීවනවා. බලයා කෙළවල්ලා වැනි සැර මාලුවලින් ඇතිවිය හැකි අසාත්මිකතා වැළැක්වීමට, ඒවායේ ඇති හිස්ටමින් නමැති රසායනය ගොරක මගින් 80% කින් උදාසීන කර දෙනු ලබනවා. වෑංජනවලට ගොරක යෙදීමේදී අඹරා හෝ සිහින්ව කපා යොදාගැන්ම මගින් එහි ඖෂධීය වාසි වඩාත් හොඳින් ලබාගත හැකියි

සෙම් ප්‍රතිශ්‍යා උගුරේ අමාරු ආදියේදී – ගොරක ලුණු හා ගම්මිරිස් එකට අඹරා පොට්ටනියක් බැඳ හක්කේ තබා කෙළ ගිලිමින් සෙම ඉවත්කරගත හැකියි, ඇඟිලි කරු වණ වූ විට – ගොරකා තැම්බූ දියට ලුණු දමා සෝදන්න, දිගු ගමනකින් පා වෙහෙස වූ විට – ගොරක තැම්බූ දියෙන් සේදීමෙන් ඉදිමුම් වේදනා දුරුකර ගන්න, කොලෙස්ටරෝල් පාලනයට – ගොරක සුදුලූනු, කරපිංචා සමග අඹරා ගත් ලුණුමිරිසක් කෑමට එක්කරගන්න.

ලිපිය සැකසුම -Indrakumari Rathnayake-
(මූලාශ්‍ර හා සේයා රූ -අන්තර්ජාලය හා වෛද්‍ය, ලේඛන ඇසුරිනි.)

Previous articleදියවැඩියාව, පිළිකා, අකලට හිසකෙස් පැසීම් වලකන, ගුණයෙන් අනූන පළතුර ‘නමිනන්’
Next articleඅපිත් ඉල්ලුවා ප ගා වක්..හැබැයි මහජනතාව වෙනුවෙන්. මොනවා හම්බෙන්න ඇත්ද ?මෙහෙමත් දේවල් උනාද මීට කලින් ලංකාවේ ?
error: Content is protected !!
Verified by MonsterInsights