Home දේශපාලන පුවත් හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක් ජීවන ගමනට සමුදෙයි..

හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක් ජීවන ගමනට සමුදෙයි..

0
655
White flag blowing in the wind in front of a clear blue sky

දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවුණි.

මාතර, ගොඩපිටියේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව සිටි කාලයේ දී එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහින්ද විජේසේකර මහතා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ පියාණන්ය.

2008 වසරේ දී මහින්ද විජේසේකර මහතා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධුරය හෙබවූ අතර, 2001-2004 කාලයේ දී ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය ධුරය දැරීය.

අවසන් වරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි ඒ මහතා වසර 20කට අධික දේශපාලන ජීවිතය තුළ අමාත්‍ය ධුර කිහිපයක්ම හොබවා තිබේ.

එම අමාත්‍යධුර පහතින්,

තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යතුමා (2008-02-22 – 2010-04-09)
විශේෂ ව්‍යාපෘති අමාත්‍ය (2007-01-28 – 2008-06-06)
ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය (2001-12-12 – 2004-02-07) (2001-12-12 – 2004-02-11)

(2000-10-19 – 2001-09-13)
වනවගා සහ පාරිසරික අමාත්‍ය (2000-08-10 – 2000-10-10)
වනවගා සහ පාරිසරික අමාත්‍ය (1999-07-03 – 2000-08-09)
නිවාස සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (1997-06-09 – 1999-07-03)
නාවික, වරාය, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය (1994-11-22 – 1997-06-09)
නාවික, වරාය, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය (1994-09-01 – 1994-11-12)

 

Previous articleමට සිහිය එනකොට සේරම වෙලා ඉවරයි…” අනතුරින් දිවි ගලවාගත් සැමියා කියන හද කම්පා කරවන කතාව.
Next articleපිහිනුම් ඇඳුමක් ඇඳගෙන ඇවිත් රූ රැජින වේදිකාවේ ඇය නැටූ අමුතු නැටුමෙන් ලොවක් කැළඹෙයි.
error: Content is protected !!
Verified by MonsterInsights