ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට සහභාගි වීමට අවසර ලබා දෙන “NOC” පත්‍රයක් තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා.
මෙම නඩුව අද කොළඹ දිස්ත්‍රික් අධිකරණයේදී කැඳවූ අතර එය අප්‍රේල් 9 වනදා නැවත විභාගයට ගැනීමට නියමයි.
ඔහුගේ පැමිණිල්ලේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ CEO ඇෂ්ලි ද සිල්වා යන අය විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.
2026 වසර සඳහා ඔහුට NOC නිකුත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර ඇත්තේ අවශ්‍ය ශාරීරික යෝග්‍යතා (fitness) ප්‍රමිතීන් සපුරා නොමැති බව සඳහන් කරමිනි.
කෙසේ වෙතත් ඔහු පවසන්නේ තමන්ගේ ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව 2026 මාර්තු 31 දින අවසන් වන බවත්, එය නැවත අලුත් නොකරන බවද, ජාත්‍යන්තර ක්‍රිකට් වලින් ඉවත්වීමටද දැනුම් දී ඇති බවත්ය.
ඒ නිසා තමන් ජාතික කණ්ඩායමට තෝරා නොගන්නා බවත්, එවැනි තත්ත්වයකදී ශාරීරික යෝග්‍යතා මත NOC ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ බවත. ය.
තවද තමන්ගේ වර්තමාන ශාරීරික යෝග්‍යතාවය කෙරෙහි කිසිදු වෙනසක් නොමැති බවත්, පසුගිය වසරවලදීද මෙම ශාරීරික යෝග්‍යතා මට්ටම තිබියදීත් NOC ලබා දී තිබූ බවත්,
NOC නොලැබුණහොත් තමන් IPL කණ්ඩායමෙන් ඉවත් කරනු ඇති බවත්, එමඟින් විශාල ආදායමක් හා අනාගත වෘත්තීය අවස්ථා අහිමි වන බවත් ඔහු අධිකරණයට දැනුම් දී ඇත.
ඔහු ඉල්ලා සිටින්නේ NOC හිමි බවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසත්, එය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කරන අතුරු සහ ස්ථිර නියෝගද ලබා දෙන ලෙසත්ය.
මෙම නඩුව නැවත අප්‍රේල් 9 වනදා විභාගයට ගැනීමට නියමිතයි.
Source – NewsWire












