Home Uncategorized මරණය පරදා ජීවිතය දිනූ “ජීවිත හාදුව” (The Kiss of Life) පිටුපස සැඟවුණු...

මරණය පරදා ජීවිතය දිනූ “ජීවිත හාදුව” (The Kiss of Life) පිටුපස සැඟවුණු සැබෑ වීරයා!

0
25

මරණය පරදා ජීවිතය දිනූ “ජීවිත හාදුව” (The Kiss of Life) පිටුපස සැඟවුණු සැබෑ වීරයා!

අපි හැමෝම මේ ඓතිහාසික ඡායාරූපය දැක තිබෙනවා. විදුලි කණුවක් මත එල්ලෙමින් සිටින එක් අයෙකුට තවත් අයෙකු හාදුවක් දෙන අයුරු මෙහි පෙනුනත්, එය හුදෙක් හාදුවක් නොව මරණයෙන් ජීවිතය ඉල්ලා කළ මහා සටනකි.

1967 වසරේ ජූලි මාසයේදී කැමරා ඇසට හසුවූ මේ මොහොත, ලෝක ප්‍රසිද්ධ වූයේ “The Kiss of Life” යන නමිනි.

එදින සිදු වූයේ කුමක්ද?

ජේ.ඩී. තොම්සන් (J.D. Thompson) සහ රැන්ඩල් චැම්පියන් (Randall Champion) යනු විදුලි රැහැන් නඩත්තු කරන සමීප මිතුරන් දෙදෙනෙකි. එදින ඔවුන් විදුලි කණුවක් මත වැඩ කරමින් සිටියදී, අත්වැරදීමකින් වෝල්ට් 4000කට අධික විදුලි සැරක් රැන්ඩල්ගේ සිරුර හරහා ගලා ගියේය. ඔහුගේ හදවත නතර විය. ඔහු මියගිය මිනිසෙකු මෙන් ආරක්ෂිත පටිවල එල්ලෙමින් සිටියේය.

මිතුරා වෙනුවෙන් කළ ජීවිත සටන

කණුව පාමුල සිටි තොම්සන්, තම මිතුරා විපතට පත්ව ඇති බව දැක වහාම කණුව දිගේ ඉහළට නැග්ගේය. රැන්ඩල්ව බිමට ගැනීමට කාලයක් නොතිබූ බැවින්, ඔහු එම අවස්ථාවේදීම කණුව මත එල්ලී සිටිමින් රැන්ඩල්ට කෘතිම ශ්වසනය (CPR) ලබා දීමට පටන් ගත්තේය.

ඔහු නොනවත්වා තම මිතුරාගේ පෙනහළු තුළට හුස්ම පිඹිමින් සිටියේය. අවසානයේදී රැන්ඩල්ගේ පපුව ගැහෙන්නට පටන් ගත් අතර, ඔහු යන්තම් හුස්ම ගත්තේය. තොම්සන් රැන්ඩල්ව බිමට බස්සවා රෝහලට ගෙන යන තෙක්ම ඔහු අසලින් සෙලවුණේ නැත.

ඡායාරූපය සහ සැබෑ වීරයා

මේ අවස්ථාවේ එම මාවතේ ගමන් කළ ඡායාරූප ශිල්පී රොකෝ මොරාබිටෝ මෙය තම කැමරාවට හසු කර ගත්තේය. ඒ වෙනුවෙන් ඔහුට “පුලිට්සර්” සම්මානය පවා හිමි විය. නමුත් මේ ඡායාරූපය නිසා ලෝකයම හඳුනාගත් තොම්සන්, තමන් කළ වීර ක්‍රියාව ගැන කිසිදා උදම් ඇනුවේ නැත. ඔහු පැවසුවේ, “මම කළේ මගේ යාළුවා වෙනුවෙන් කරන්න ඕන දේ විතරයි” කියාය.

රැන්ඩල් චැම්පියන් එම අනතුරින් පසු තවත් වසර 35ක් ජීවත් වූ අතර, ඔවුන් දෙදෙනා මිය යන තුරුම ඉතා සමීප මිතුරන් ලෙස සිටියහ. මේ අපූරු මිනිසා ගැන ඔයා මොකද හිතන්නෙ? පහළින් කමෙන්ට් කරන්න..

©ගයාන් හෙට්ටිආරච්චි.

Previous article”මගේ මනුස්සයාට ඒක ප්‍රශ්නයක් නැත්නම්, අනිත් අය ප්‍රශ්නයක් කරගන්න එපා”කාවින්ද්‍යා කාටද මේ කියන්නේ !! කාවින්ද්‍යා අධිකාරිගෙන්, ආන්දෝලනාත්මක සටහනක්.
Next articleඑදා අම්මා කියලා අදුරගන්නවත් බැරි තරටමට අසනීප වෙද්දී බිරිද දරුවන් අරගෙන ගෙදරින් ගියා.. වසර දෙකකට පසු අද ඔහු ගැන ඇසෙන සතුටුම හිතෙන ආරංචිය මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights