Home ජීවිතයට යමක් බිත්තර එකම විදිහට කාලා එපා වෙලාද ? අවුරුද්දට ගෙදර එන නෑදෑයන්ට රසම...

බිත්තර එකම විදිහට කාලා එපා වෙලාද ? අවුරුද්දට ගෙදර එන නෑදෑයන්ට රසම රස බිත්තර ඩෙවල් එකක් හදලා දෙමුද ?

0
21

බිත්තර කියන්නේ පෝෂණ ගුණයෙන් අනූන ආහාරයක්. හැමදාම එකම විදියට බිත්තර කාලා එපා වෙලා නේද? බිත්තර ඩෙවල් කාලා තියෙනවද? හැමදාම කන චිකන් ඩෙවල් එකට නිවාඩුවක් දීල බිත්තර ඩෙවල් එකක් ගෙදරදීම හදන හැටි කමයි මේ කියන්න යන්නේ. ඔයාලත් හදලම බලන්න. පහසුවෙන් හදාගන්න පුළුවන්. අමුත්තන්ට පිළිගන්වන්න කෑම මේසෙට තියන්න පුළුවන් රසවත් ආකාර්ෂණිය ආහාරක් වේවි. මෙන්න හදන හැටි.

මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය – තම්බා ගත් බිත්තර 3ක්, තම්බා පොඩි කර ගත් අල ගෙඩි 1/2 ක්, බටර් ස්වල්පයක් ක්, කඩා ගන්නා ලද බිත්තරයක්, පාන් කුඩු ස්වල්පයක්, ගැඹුරු තෙලේ බැදීමට තෙල්, ලුණු සහ ගම්මිරිස් රස අනුව

මෙන්න සාදන ක්‍රමය – මුලින්ම තම්බා ගත් බිත්තර දෙකට කපා කහ මදය ඉවත් කරගන්න. භාජනයක් ගෙන කහ මද ටික හොඳින් පොඩි කර ගෙන පොඩි කර ගත් අල එකතු කර හොදින් මිශ්‍ර කරන්න. එයට බටර් ස්වල්පයක් ද එක්කර ලුණු ගම්මිරිස් එකතු කර හොඳින් පොඩිකර කවලම් කර පසෙකින් තබා ගන්න. පසුව බිත්තර සුදු මද 3 ගෙන කඩා ගන්නා ලද බිත්තරයෙන් දවටා පාන්කුඞු වල දවටා ගැඹුරු තෙලේ ඉතාම ප්‍රවේශමෙන් බැදගන්න. විනාඩි දෙකක් පමණ බැඳුණු පසු එම බිත්තර සුදු මද එළියට ගෙන පිඟානක අතුරන්න. සදා ගත් කහ මද මිශ්‍රණය බැදගත් සිදුමද වලට පුරවන්න. කැමති නම් සැරසීමට මිරිස් කුඩු ටිකක්, පාස්ලි කොල හෝ සිහින්ව කපාගත් කරපින්චා කොල ටිකක් උඩින් ඉසින්න පුලුවන්.

Previous articleඅවුරුද්දට කන්න රසම රස හත් මාලුව හරියටම හදන්නේ මෙහෙමයි
Next articleඅවුරුද්දට ගෙදර එන නෑදෑයන්ට කන්න රසම රස වටලප්පන් වර්ග 3ක් ගෙදරදීම පහසුවෙන් හදමුද ?
error: Content is protected !!
Verified by MonsterInsights