ලංකාවේ අනාගතය වෙනස් කළ හැකි අපූරු දක්ෂතාවයක් පිළිබඳ පුවතක් කිලිනොච්චියෙන් වාර්තා වේ. වයස අවුරුදු 13ක් වන කුඩා පාසල් දරුවෙකු විසින් තමන් සතු අවම සම්පත් පමණක් භාවිත කරමින් සූර්ය බලශක්තියෙන් ක්‍රියාකරන පාපැදියක් නිපදවීමට සමත්ව තිබේ.
වත්මන් ඉන්ධන අර්බුදයට හොඳම පිළිතුරක් සපයන මෙම නිර්මාණය, කිසිදු හානිකර වායුවක් පරිසරයට මුදා නොහරින බැවින් සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී තාක්ෂණයකි. අවම පහසුකම් යටතේ වුවද මෙවැනි නවෝත්පාදනයක් සිදු කිරීමට තරම් මේ පුංචි දරුවා දැක්වූ කුසලතාව සහ උත්සාහය සැබැවින්ම පැසසුම්කටයුතුය.
මෙවැනි නිර්මාණශීලී දරුවන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය දිරිගැන්වීම් සහ අතහිත දීම සිදුවන්නේ නම්, රටේ අනාගතය වෙනුවෙන් තවත් මෙවැනි දක්ෂයින් රැසක් බිහි කිරීමට හැකිවනු ඇත.










