Home Uncategorized මේ දේ හරියට කලොත් සල්ලි උතුරාවි.. ලුණු කැටවලින් කරන විශ්මිත කෙමක් ගැන...

මේ දේ හරියට කලොත් සල්ලි උතුරාවි.. ලුණු කැටවලින් කරන විශ්මිත කෙමක් ගැන දැනගන්න..

0
5

ලුණු වලින් කෙමක්…
ලුණු වලින් කෙමක්… මේක කරොත් ඔබේ නිවසටත් දියුණුව ධනය බලය ලබා ගන්න පුළුවන් වෙනවා සත්තයි

විශ්වාස කරන හුඟාක් අය ලෝකයේ ඉන්නවා …

එහෙම අය සිදු කරන ඉපැරනි කෙම් ක්‍රමයක් ගැනයි මේ කියන්න හදන්නේ…
ඔබට ධනය,දියුණුව ලගා කර ගැනීම සදහා ,ලොතරැයි වාසනාවට මෙම කෙම් ක්‍රමය මේ විදිහට කලොත් ප්‍රතිඵල විශ්මිත සහගත වෙනවා..

මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ ලුණු කැට,සාමාන්‍ය ප්‍රමාණයේ පිරිසිදු වීදුරු කෝප්පයක් හා පීරිසියක් පමණි.

මෙහිදී ඔබ ලුණු කැට ගැනීමෙදී අලුත් ලුණු කැට පැකට්ටුවකින් ලබා ගත් ලුණු කැට ගැනීමට විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

එසේම මේ සදහා ලුණු කුඩු භාවිතා කිරීම සුදුසු නොවේ.

ඒ වගේම ඔබ ගන්නා කෝප්පය හෝ වීදුරුවෙන් භාගයක් වෙන්න ලුණු කැට ගන්නත් අමතක කරන්න එපා.

ඒ වගේම පිරිසිදු වීදුරු කෝප්පය විනිවිද පෙනෙන වීදුරු කෝප්පයක් විය යුතු අතරම අලුත් වීදුරු කෝප්පයක් විය යුතුය.ඔබට වීදුරු කෝප්පයක් නැතිනම් මේ සදහා අලුත ගෙනා වෙනත් කිසිදු කටයුත්තකට භාවිතා නොකරන ලද ජෑම් බෝතලක් වුවද භාවිතා කල හැකිය.

මෙම කෙම් ක්‍රමය ඔබ කල යුත්තේ බ්‍රහස්පතින්දා දිනක උදේ 8.15ත් 10.15 ත් අතර කාල සීමාව තුලදීය.

ඔබ උදේම නාලා හිස් බඩ තමයි මේ කෙම් ක්‍රමය කරන්න ඕනි.ඒ වගේම නිවසේ මුදල් උපයන පුද්ගලයා මේ කෙම සිදු කරනවා නම් වඩාත් හොද ප්‍රතිඵල ලගා කර ගැනීමට ඔබට පුළුවන් වෙනවා.

මුලින්ම ඔබ ලුණු කැට සහිත පීරිසිය අතට ගෙන අත් දෙකෙන්ම අල්ල ගෙන පහත සදහන් කරලා තියෙන මන්තරය 7 වතාවක් කියන්න ඕනි.මෙය විශ්වාසයෙන් යුතුව කියන්න ඕනි.

“ඕම් ශ්‍රීම් ධන ලක්ෂ්ම් නමෝ නමහා“

මෙය එසේ 7 වතාවක් කීමෙන් අනතුරුව තමගේ අතින්ම එම ලුණු කැට මන්තරය කියමින්ම කෝප්පයට හෝ බෝතලයට දමන්න.හැන්දකින් නොදමා තමාගේ අතින්ම දැමීමට සැලකිලිමත් වන්න.මෙහිදී ලුණු කැට ටික සම්පූර්ණයෙන්ම කට වැහෙන්න දාන්න එපා.

මේ ලුණු බෝතලය ඔයා නිදියන කාමරයේ ඔයාගේ ඇද යටින් තියන්න.එහිදි ඔයාගේ ඔළුව තියෙන තැනට ඇද යටින් මේ කෝප්පය තියන්න අමතක කරන්න එපා.

ඔබ දියුණු වනවා කියන විශ්වාසයෙන් යුතුව එය සිතමින් මෙම කෙම සිදු කරන්න.දින 14 න් 14 මෙම ලුණු කැට සහිත කෝප්පය අලුත් කරමින් මාස 3 ක් පමණ මෙම කෙම සිදු කරන්න.
මෙම ලුණු කැට ඉවත දැමීමේදී පොල් ගහක්,තැඹිලි ගහක් යටට හෝ ගලාගෙන යන වතුර ඇති ස්ථානයට දැමීමට වග බලා ගන්න.එමෙන්ම ඔබ කාන්තාවක් නම් ඔසප් කාලය තුල මෙය සිදු කරන්න එපා. එමෙන්ම මත්පැන් ,දුම්වැටි භාවිතා කර මෙම කෙම් ක්‍රමය සිදු කරන්න එපා.

අන්තර්ජාලයෙන්
උපුටා ගැනීමකි.

Previous articleඔබේ අත්ලෙත් මෙවැනි කතිර සලකුණක් තියෙනවද බලන්න? එහෙනම් ඔබ සුවිශේෂියි..
Next articleරුධිරගත සීනි මට්ටම පහත හෙලන, ආතරයිටිස්, අර්ශස් රෝග වළකන සේපාලිකා මල් සත්කාරය තුළින් ලැබෙන ප්‍රතිඵ්ල වලින් ඔබත් පුදුම වේවී.
error: Content is protected !!
Verified by MonsterInsights