“දිනකට වෙරළු ගෙඩි 5ක් කෑවොත් වෙන දේ මෙන්න ” කොලෙස්ට්‍රෝල් බස්සන, හදවත රකින ගමේ ඔසුව!
පිටරටින් ගේන මිල අධික පලතුරු පස්සෙම දුවන අපේ රටේ බොහෝ දෙනෙකුට තමන්ගේ ගෙවත්තේ, පාර අයිනේ වැවෙන වෙරළු ගෙඩියේ තියෙන පුදුමාකාර ඖෂධීය වටිනාකම ගැන ලොකු තැකීමක් නෑ. “අතට වෙරළු ඇහිද ගෙනේ” කියලා කුඩා කාලයේ නැළවිලි ගී අහපු අපිට, වෙරළු කියන්නේ නිකම්ම නිකං අච්චාරු කන්න විතරක් ගන්න පලතුරක් නෙවෙයි. ආයුර්වේදයට අනුව මෙය ලෙඩ රෝග ගණනාවකට තිත තබන සැබෑම දිව්‍යමය ඔසුවක්!
විශේෂයෙන්ම සාමාන්‍ය වෙරළුවලට අමතරව ගල් වෙරළු, තිත්ත වෙරළු, පොල් වෙරළු සහ නිල් වෙරළු කියලා වර්ග කිහිපයක්ම තියෙනවා. මේ අතරින් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පවා දකින්න ලැබෙන, අගෝස්තු කාලයට හැදෙන දුර්ලභ “නිල් වෙරළු” කියන්නේ සාමාන්‍ය කොළ පාට වෙරළුවලටත් වඩා ගුණ සපිරි මහා ඖෂධයක්!
නිල් වෙරළු සහ සාමාන්‍ය වෙරළුවලින් ලැබෙන විස්මිත සුව ගුණ මෙන්න,
පිළිකා අවදානම වළකයි: නිල් වෙරළුවල අඩංගු ‘ටර්පිනොයිඩ්’ (Terpenoids) නැමැති සුවිශේෂී ශාක රසායනය නිසා පිළිකා සෛල ඇතිවීම පාලනය කිරීමේ ප්‍රබල හැකියාවක් පවතිනවා.
හදවත සුරකියි & කොලෙස්ට්‍රෝල් බස්සයි: දිනකට වෙරළු ගෙඩි 5ක් පමණ ආහාරයට ගැනීමෙන් රුධිරයේ ඇති අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම පහත දමාගත හැකි අතර, හෘද මාංශපේශිවල ක්‍රියාකාරිත්වය ශක්තිමත් කරනවා.
හිස්හොරිවලට ස්වභාවික විසඳුම: තදින් හිස්හොරි (Dandruff) තිබෙන අයට වෙරළු කොළ කොටා හිසේ ගැල්වීමෙන් හෝ කොළ තම්බා හිස සේදීමෙන් හිස්කබලේ වියළි බව නැතිවී, නිරෝගී දිදුලන කෙස් කලඹක් ලබාගන්න පුළුවන්.
අස්ථි ශක්තිමත් කරයි & ඇස් පෙනීම රකියි: කැල්සියම් සහ විටමින් B, C බහුලව අඩංගු නිල් වෙරළු නිසා වයස්ගත වීමේදී ඇතිවන අස්ථි දුර්වලතා, ඇස් සුද ඒම සහ මානසික ආතතිය දුරු කර ගැනීමට උපකාරී වෙනවා.
ගර්භණී මව්වරුන්ගේ වමනයට සහ මුඛ රෝගවලට: ගර්භණී සමයේ ඇතිවන අධික වමනය සහ කෑම අප්පිරියාව නැති කිරීමටත්, විදුරුමසින් ලේ ඒම හා කට තුවාල වීම් වළක්වා ගැනීමටත් වෙරළු කදිම ස්වභාවික විසඳුමක්.
ලෝකයේ සිලෝන් ඔලිව් (Ceylon Olive) නමින් විරුදාවලිය ලත් අපේ රටේ වෙරළුවලින් රසවත් අච්චාරුවක් වගේම මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිවාගන්න සිසිල් පානයක් හදාගෙන බීමෙන් නිරෝගී දිවියක් පහසුවෙන්ම ළඟා කරගත හැකියි!









