“මිදුලේ තිබුණට වටිනාකම නොදන්නා රත්තරන් ගෙඩිය” ලෙඩ රෝග රැසකට තිත තබන විස්මිත බෙලි ඔසුව ගැන මෙන්න!
අපේ ගෙවතු ආශ්‍රිතව ඉතාමත් සුලබව දකින්න ලැබෙන, කවුරුත් රස කර කර කන්න කැමති බෙලි කියන්නේ හුදෙක් රසවත් පලතුරක් පමණක්ම නෙවෙයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව නම් බෙලි කියන්නේ සැබෑම විස්මිත වෙදැදුරෙක්! ඉපැරැණි ‘චරක සංහිතාව’ සහ ‘සුශ්‍රැත සංහිතාව’ වැනි මහා ග්‍රන්ථවල පවා අන්ත්රය ආශ්රිත රෝග සහ අර්ශස් රෝග සුවපත් කරන අද්විතීය ඔසුවක් හැටියට බෙලි හඳුන්වා දී තිබෙනවා.
අතීතයේ ලංකාවට ආපු පෘතුගීසි හමුදාව දරුණු අතීසාර රෝගයකින් බැටකද්දී ඔවුන්ව බේරාගත්තේ මේ බෙලි ඖෂධයෙන් බව බටහිර ලියැවුණු ‘British Pharmacopoeia’ ග්‍රන්ථයේ පවා සඳහන් වෙනවා කියන එක ඔබ මීට පෙර අහලා තිබුණාද?
නිරෝගී දිවියකට බෙලිවලින් ලැබෙන පුදුමාකාර ගුණ මෙන්න.
ගෑස්ට්‍රයිටිස් සහ ආමාශගත තුවාලවලට: ඉදුණු බෙලි මද, පොල්කිරි සමඟ කලවම් කර රස පදමට සීනි, ලුණු එක්කර සාදාගන්නා බෙලි කිරි පානය මඟින් අධික අම්ලපිත්ත, ගැස්ට්‍රයිටිස් තත්ත්වයන් වගේම ලේ පිටවන අර්ශස් රෝගයද සමනය කරගත හැකියි.
කෑම අරුචියට ක්ෂණික විසඳුමක්: කොයිතරම් බඩගිනි ආවත් කෑම කන්න හිතෙන්නේ නැති අයට ඉදුණු බෙලි මද ග්‍රෑම් 60ක්, සීනි ග්‍රෑම් 20ක්, ලුණු ස්වල්පයක් වතුර මිලිලීටර් 240කට කලවම් කර පෙරා දින 5ක් හිස්බඩ පානය කිරීමෙන් බඩගින්න යථා තත්ත්වයට පත්කර ගත හැකියි.
දියවැඩියාව පාලනයට: අමු බෙලි කොළ කොටා ලබාගන්නා යුෂට ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍ර කර උදෑසන හිස්බඩ බීමෙන් දියවැඩියා රෝගීන්ට පුදුමාකාර සහනයක් අත්වන බව සඳහන්.
පැහැපත් සහ සුන්දර සමකට: ඉදුණු බෙලි මද, කහ සහ දෙහි යුෂ සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කර පැය දෙකකට පසු සෝදා හැරීමෙන් ලප කැළැල්, කුරුළෑ නැතිවී රන්වන් පැහැපත් සමක් හිමිකර ගන්න පුළුවන්. ඒ වගේම සීතල කාලෙට සම පැළෙනවා නම් ඉදුණු බෙලි, වට්ටක්කා මද සහ එළකිරි ආලේප කිරීම කදිම සත්කාරයක්.
අධික රුධිර පීඩනයට සහ ඇඟේ දැවිල්ලට: බෙලි මුල්, බැබිල මුල් සහ අමු ඉඟුරු තම්බා පානය කිරීම අධික රුධිර පීඩනයට කදිම ඔසුවක් වන අතර, බෙලි ගැට මද තලතෙලේ දමා පෙරා ආලේප කිරීමෙන් අතුල් පතුල් දැවිල්ල පහව යනවා.
ශරීරයේ වා, පිත්, සෙම් තුන් දොසම සමනය කරමින් හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලු රෝගවලට සහනය දෙන බෙලි කියන්නේ නිකම්ම පලතුරක් නෙවෙයි, සොබාදහම අපට දායාද කළ සැබෑම දිව්‍යමය ඖෂධයක්!








