“බතට දාන රම්පේ කොළේ ඇතුළේ මෙච්චර දේවල් හැංගිලා තිබුණද?” ප්‍රෙෂර් එක බස්සන, ෂුගර් පාලනය කරන රම්පේවල අරුම පුදුම වෙදකම් මෙන්න!
අපේ ගෙවල්වල බතක් උයද්දී, බිරියානියක් දාද්දී නැත්නම් වෑංජනයක් හදද්දී සුවඳවත් කරගන්න රම්පේ කොළ කෑල්ලක් දාන එක සාමාන්‍ය පුරුද්දක්නේ. ඒත් කුස්සියේදී නිකන්ම සුවඳකාරකයක් විතරක් විදියට අපි සලකපු මේ පුංචි රම්පේ කොළය ඇතුළේ, ලෙඩ රෝග රැසක් සුවපත් කරන මහා බලගතු වෙදකමක් හැංගිලා තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියද?
උද්භිද විද්‍යාත්මකව Pandanus amaryllifolius ලෙස හඳුන්වන රම්පේ, ආයුර්වේදයේ මෙන්ම ආසියාතික රටවල දේශීය වෙදකමේදී අගනා දිව්‍යමය ඔසුවක් හැටියටයි සැලකෙන්නේ.
දවසේ මහන්සිය, දැඩි මානසික ආතතිය සහ නින්ද නොයෑමෙන් පීඩා විඳින අයට රම්පේ කියන්නේ පුදුම සහනයක්. රම්පේ සතුව මනස ශක්තිමත් කිරීමේ සහ ස්නායු සන්සුන් කිරීමේ විශේෂ හැකියාවක් ඇති බව පර්යේෂණවලින් පවා සනාථ වී තිබෙනවා.
රම්පේ කොළ කැබැලි කිහිපයක් උණු වතුර වීදුරුවකට දමා වසා තබා, එම වතුර ලා කොළ පැහැ වනවිට කැබලි ඉවත් කර පානය කිරීමෙන් මානසික පීඩනය දුරුවී සුවබර නින්දක් ළඟා කරගත හැකියි.
රම්පේ කොළ 4ක් සමඟ කහ කැබැල්ලක් මැටි මුට්ටියක දමා පත දෙකක් වනතුරු තම්බා උදේ සවස පානය කිරීමෙන් වෙහෙසකර ස්නායු යළි ප්‍රබෝධමත් වනවා.
අධික රුධිර පීඩනයට (High BP): ක්ලාන්තය සහ සිරුරේ අප්‍රාණික බව ඇති කරන අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයට රම්පේ කොළ ග්‍රෑම් 10ක් වතුර කෝප්ප දෙකක් දමා එක පතට සිඳුවා උදේ සවස පානය කිරීමෙන් දින කිහිපයකින් රුධිර පීඩනය පාලනය කරගත හැකියි.
දියවැඩියා රෝගීන්ට සහනයක්: රම්පේ කොළ හර්බල් ටී එකක් (Herbal Tea) ලෙස පානය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම සාර්ථකව පාලනය කළ හැකි බව විදෙස් පර්යේෂණවලින් පවා තහවුරු වී තිබෙනවා.
සන්ධි වේදනාව, උණ සහ විදුරුමස් දියවීමට ක්ෂණික සහන
සන්ධි රුදාවට රම්පේ තෙලක්: පොල්තෙල් ස්වල්පයක් රත්කර එයට රම්පේ කොළ කැබලි දමා තෙල ලා කොළ පැහැ වනවිට බා, නිවුණු පසු ආලේප කිරීමෙන් සන්ධි ආශ්රිත සියලු වේදනාවන්ට සහනයක් ලැබෙනවා.
අධික උණට: රම්පේ කොළ හොඳින් කොටා ලබාගන්නා නැවුම් යුෂ නළලේ සහ යටිපතුල්වල ආලේප කිරීමෙන් ශරීරයේ අධික උෂ්ණත්වය ක්ෂණිකව සමනය වෙනවා.
විදුරුමස් රෝගවලට: විදුරුමස් දියවීම සහ ලේ ගැලීම් පවතින විට අලුත් රම්පේ කොළයක් හපා එම යුෂ විදුරුමසෙහි තබා ගැනීමෙන් විෂබීජ නසා සහනය සලසනවා.
රසායනික දඟර හෝ ස්ප්‍රේ වෙනුවට, අමු හෝ වියළි රම්පේ කොළ දුම් කබලකට දමා නිවස පුරා දුම් ඇල්ලීමෙන් ඩෙංගු මදුරුවන් ඇතුළු කෘමීන් ක්ෂණිකව නිවසින් පලවා හැරිය හැකියි.
එමෙන්ම අමු කහ සහ රම්පේ කොළ එකට අඹරා සාදාගන්නා තලපය ආලේප කිරීමෙන් ඕනෑම තුවාලයක් සුවපත් වන අතරම දිලීර ආසාදන, දියමැටියන් කෑම සහ දද කුෂ්ඨ වැනි සමේ රෝග රැසකටම ක්ෂණික සුවය හිමිවනවා.
නිකන්ම බත සුවඳ කරන්න විතරක් රම්පේ පාවිච්චි නොකර, මේ වටිනා දේශීය ඔසුව ඔබේ දෛනික නිරෝගීභාවයටත් නිවැරදිව භාවිත කර බලන්න!








