80 සහ 90 දශකවල ලෝකයක් වසඟයට ගත් සුපිරි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය හරහා අතිශය ජනප්‍රිය වූ සුන්දර ඇමරිකානු නිළි ජෙනිෆර් රන්යොන් (Jennifer Runyon) අභාවප්‍රාප්ත වූ පුවත මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මියයන විට ඇය 65 වැනි වියේ පසුවුණා.
පසුගිය සිකුරාදා (මාර්තු 6) ඇය මෙලොවින් සමුගත් බව ඇගේ පවුලේ සාමාජිකයන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු කර තිබෙනවා. දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය, අවසන් හුස්ම හෙළන මොහොතේ ඇගේ ආදරණීය පවුලේ හිතවතුන් පිරිවරා සිටි බවයි වාර්තා වෙන්නේ.
ජෙනිෆර්ගේ සමීපතම මිතුරියක මෙන්ම ජනප්‍රිය නිළියක වන එරින් මර්ෆි (Erin Murphy) පවසන්නේ, ජෙනිෆර් කෙටි කලක් තිස්සේ පිළිකා රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳි බවයි. “ඇය ඉතා සුවිශේෂී කාන්තාවක්.. මට ඇයව ගොඩක් මතක් වේවි,” යනුවෙන් එරින් සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් තබමින් සිය ශෝකය ප්‍රකාශ කර තිබුණා.
‘Ghostbusters’ සහ ‘Charles in Charge’ වැනි නිර්මාණ හරහා ලාංකීය ප්‍රේක්ෂකයන් අතරත් බෙහෙවින් ප්‍රකට වූ ඇගේ වියෝව ලෝක සිනමා ලෝලීන්ට දැඩි පාඩුවක් වනු නොඅනුමානයි.












