ජපානයේ 63 හැවිරිදි කාන්තාවක් 31 වියැති පෙම්වතා සමඟ විවාහ වී ඇති අතර ඇය සිය නැන්දම්මාට වඩා වසර 6කින් වැඩිමහල් බව එරට මාධය වාර්තා කරනවා
ඔවුන් දෙපළ විවාහයෙන් පසුව මංගල යෝජනා ගළපන විවාහ ඒජන්සියක් පවත්වාගෙන යන බවයි එම වාර්තාවල දැක්වෙන්.
මෙම කාන්තාව අසාරාෂි ලෙස නම්වන අතර වසර 20කට පමණ පෙර ඇය විවාහ වී තිබුණා.
ඇයට අවුරුදු 48දී දික්කසාද වී ඇත්තේ සිය දරුවා තනිවම ඇති දැඩිකරගනිමින්.
කලක් ගතවත්ම ඇය, විවිධ සමාජ සබඳතා එක්කරන Dating App ඔස්සේ පෙම්වතුන් කිහිපදෙනකු හා සබඳතකම් පවත්වා තිබුණා.
නමුත් ඒවා තාවකාලික සබඳකම් වූ බැවින් ඒ කිසිත් නොමැතිව යළිත් ඇය තනිකඩ ජීවිතය තෝරාගෙන ඇත්තේ ජීවිකාව ලෙස සුරතල් සතුන්ගේ ඇඳුම් ව්‍යාපාරයක් කරන අතරතුර සුනඛ සුරතලුන් කිහිපදෙනකු ද රැකබලා ගනිමින්.
අසාරාෂි පවසන්නේ 2020 අගෝස්තුවේදී ටෝකියෝ අවන්හලකදී තමාට ජංගම දුරකතනයක් හමුවූ අතර තමන්ගේ නැතිවූ ජංගම දුරකතනය සොයා ආ තරුණයාට තමා එය බාරදුන් බවයි.
සතියකට පමණ පසු දෙදෙනා යළි අහම්බයකින් හමුවී ඇති අතර පසුව දුරකතන අංක හුවමාරු කරගෙන තිබුණා.
පසුව සෑම රැයකම පාහේ පැයක් පමණ දෙදෙනා දුරකතනයෙන් කතාකරමින් කාලය ගතවූ බවයි ඇය පවසා ඇත්තේ.
“මම කතාකරන්නේ මොනවා වුණත් කමක් නෑ ඔහු හොඳින් අහන් ඉන්නවා තේරුම් ගන්නවා. මට දැනුණා ඔහු ඇත්තටම මං ගැන කැමැත්තක් ඇති බව. ඒ හැඟීම මට ගෙනආවේ සතුටක්”
පසුව ඔවුන් කතිකා කරගෙන හමුවූ පළමු දිනයේදී ම ඔහු ඇයට ලිපියක් දුන්නා. එහි තිබී ඇත්තේ “මගේ කුමරිය වෙන්න” යනුවෙන්.
ඔවුන් දෙදෙනා සැබෑ වයස් පරතරය දැනගෙන ඇත්තේ එලෙස හමුවී මාසයක් ගතවූ තැනයි.
මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි අසරාෂිගේ පුත්‍රයා ද ඇයගේ නව සැමියාට වඩා වසර 6ක් වයසින් අඩුයි. අසාරාෂි මිත්තණියක්. ඇගේ පුත්‍රයාට ද දරුවන් සිටින අතර මේ පෙම් සබඳතාවයේ මුල සිටම පුත්‍රයාගෙන් අසාරාෂිට උදව් ලැබී තිබෙනවා.
එපමණක් නෙවෙයි, තරුණ සැමියාගේ මව මේ සබඳතාවට විරෝධය පළකර තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ තමාටත් වඩා වැඩිමහල් කාන්තාවක් තම පුත්‍රයා විවාහ වීමට සූදානම් වීම නිසයි. පසුව නැන්දම්මා ද අසාරාෂි හා ඇති වෛරය අඩුකරගත් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
2022 නත්තල් සමයේ විවාහ වූ දෙදනා දැන් මංගල යෝජනා ගළපන විවාහ ඒජන්සියක් පවත්වාගෙන යන බවයි එරට වාර්තා වැඩිදුරටක් කියාසිටියේ.
මීට පෙරත් ජපානයෙන් වාර්තා වූ පරිදි 23 හැවිරිදි තරුණයෙක් සිය මිතුරකුගේ 83 වියැති මිත්තණිය සමඟ පෙමින් බැඳී තිබුණා.