බල්ලෙකුටත් කවී ලීවා කියන්නේ එපා..
කැම්පස් එකේ ලොකුම දේ කලූද අහන්නත් එපා..
හිත් පිත් නැති සමාජෙක..
ලංකාවකින්ම ආදරේ ලබපු
ආදරණීය සුරතලෙක් මේ..
කලූ අහම්බෙන් කැම්පස් එකට එන්නෙ. අපි ඉන්න කාලේ..
ටික කාලෙකින් කලූගේ කරට ලස්සන පටියක් වැටෙනවා..
කලූ කියලා නමක් වැටෙනවා..
කලූටම සෙට් උන..කැම්පස් එකේ අක්කලා අයියලා ටිකක් සෙට් වෙනවා..
කොටින්ම..හවස කට්ටිය බොන ප්ලේන්ටියේ පවා..
කලූ වෙනුවෙන් වන්ඩුවක් වෙන් වෙනවා..
Lecture හෝල් එකක.. practical පාඩමක.. බෙර ටික ලග කලු වාඩි වෙලා.. නිදහසේ දාන නින්ද.. අරුමයක් නොවෙනවා..
කොටින්ම කැම්පස් එකේ මොන උත්සවයක් තිබ්බත්.. දෙන කෑමක බීමක.. කලූ වෙනුවෙන් කොටසක් වෙන් වෙනවා..
කැම්පස් එක මුර කරන එක වගකීමක් ලෙස හිතපු කලූ.. අදුර වැටෙන ටයිම් වල.. ලමයි එක්ක බස් හෝල්ට් එක ලගට… පීක්මී එක / Uber එකකල් ලමයි ටික ලග ගේට් එක ලගට වෙලා ඉන්න කලූ පුරුදු උනා..
කොටින්ම..සත්තුන්ට ගොඩක් ආදරේ කරපු සමහර lectures ලා ඉදිය..(misuc එකෙ මංගලිකා මිස් වගේ ❤️🙏) Mangalika Rajapaksha
ඒ වාහනේ ගේට් එකෙන් ඇතුලට එද්දි.. කලූ කොහේ ඉදියත් ගිහින් පිලිගන්න පුරුද්දක් කලූට තිබ්බා.. මිස් හැමදාම ගෙදරින් කලූට වෙනම කෑම එකක් ගෙනාවා..
ඒ වගේම අපේ අනිත් හැම lecture කෙනෙක්ම වගේ.. 🙏❤️
Exam කාලේට කට්ටිය practice කරනකල්.. කැම්පස් එක වටේට මුර සංචාරේ කරන කලූ.. රෑ කෑමකට විතරක් කැම්පස් එකෙන් එලියට සමහර දවස ට යන්න ඇති…
ඒ හැමදේටමත් වඩා.. අපේ කැම්පස් එක පිරිසිදු කරන.. ඒ ආදරණීය නැන්දලා මාමාලා ටික.. (Cleaning service එකේ..) ආදරණීය ඒ අම්මලා කලූට කතා කරන හඩ ඇහුනොත්.. මොන ලෝකෙක ඉදියත් කලූ දුවගෙන එනවා..
මහ ගොඩක් හැඩ කාර..හොද වර්ගයක බලු ගෙඩියෙක් නොවුනට.. කලූට මුලු කැම්පස් එකක් පුදුමාකාර විදියට ආදරේ කලා..
රෑට පුහුනුවීම් කරලා.. ටවුන් හෝල් එකෙට ගිහින් කාල එන සමහර කොල්ලො.. කලූගේ පන්ගුව පොඩි පාර්සල් එකක ඔතන් ආවේ කලූගේ රෑ බඩගින්න දන්න නිසා…
උඩරට පහතරට සබරගමු සම්ප්‍රදායන් අදාලනැති..
සංගිත.. ශෛලින් අදලා නැති..
ඒ හැමදෙයක්ම විදගෙන කැම්පස් එකේට එන අලු කොබෙයියෝ.. කපුටො එකවන එක ප්‍රථම රාජකාරිය කර ගත්ත කලූ..
මුලු රටක සෞන්දර්යේ විහිදුනු මහා පිරිසක් ආදරේ කල උබ යන්න ගිහින්..
උබ තිරිසන් සතෙක් උනාට..සෞන්දර්ය එක්කම ජීවත් උනු..හරි ආදරණීය සතෙක්..
මේ හැමදේකටම වඩා.. උබ හරි ලස්සන පාඩමක් ඉගැන්නුවා කලූ..
ඒ තමයි.. අන්තිම කාලේ පවා.. උන වෙනුවෙන් හදවත් උනුවෙන මහා පිරිසක් උබ වටා එකතු උනා..වියදම් කලා.. කෑමබීම බැලුවා.. සැප සනීප බැලුවා..
උබව සුව වෙන්න ප්‍රාර්ථනා කලා..
අද්‍යාපන පද්දතිය තුල.. වැඩක් නෑ තේරුමක් නෑ කියන විශයන් කරන උන් ලග.. තිරිසන් සතෙක් වෙනුවෙන් දුන් ආදරේ වටිනාකම ගැන.. ගොඩාක් දේවල් හිතන්න ඉතුරු කලා..
උබ එක්තරා බලු ගෙඩියෙක් විතරයි.. ඒත් සෞන්දර්යේ උන්ගේ.. ලස්සන මතකයක් උබ..
පිංසාර තිරිසන් සතෙක් උබ..
ඉතිං.. මේ උබේ අන්තිම තිරිසන් ආත්මය වෙන්න ඇති..
කලාව අපිට වඩා හොදට උබ ඇහුවා.. උබ දැක්කා..
ඉතිං සතුටින්ම ඉදපු උබ..
හොද තැනක ඉපදේවි කලූ..
කොවුලා.. ❤️
😢❤️
copied

















