Home සයුරෙන් එහා පුවත් ලොව පුරා කා අතරත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වූ ඔහු දිවිගමනට...

ලොව පුරා කා අතරත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වූ ඔහු දිවිගමනට සමුදෙයි..

0
60
ඔස්ට්‍රේලියාවෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පසු කලීනව පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කළ බොබ් සිම්සන් දිවි ගමනට සමුදී තිබෙනවා…

මියයන විට 89 වැනි වියේ පසු වූ බොබ් සිම්සන් 1957 වසරේ සිට 1978 වසර තෙක් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 62ක් ක්‍රීඩා කරමින් ලකුණු 4869ක් රැස්කර ගත්තේ ශතක 10ක් සහ අර්ධ ශතක 27කට හිමිකම් කියමින්..

එහිදි ඔහු බිඳ දමා තිබූ කඩුලු සංඛ්‍යාව 71ක්..

බොබ් සිම්සන් එක්දින තරග 2ක් ද ක්‍රීඩා කර තිබුණා..

සුපිරි ආරම්භක පිතිකරුවෙකු සහ අති දක්ෂ ස්ලිප් පන්දු රකින්නෙකු ද වූ බොබ් සිම්සන් තරග 29කදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරන්නටත් සමතෙක් වුණා..

1965 වසරේ විස්ඩන් වසරේ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් බොබ් සිම්සන් 2013 වසරේදී ICC Hall of Fame විශිෂ්ඨයින් අතරටත් එක් කරනු ලැබුවා..

ක්‍රිකට් දිවියට සමුදීමෙන් පසු ඔස්ට්‍රේලියා ක්‍රිකට් තේරීම් කමිටුවට මෙන්ම ඔස්ට්‍රේලියාවේ පළමු පූර්ණ කාළීන පුහුණුකරු ලෙසින් ද ඔහු සිය සේවය ක්‍රිකට් වෙනුවෙන් ලබා දුන්නා..

ඔස්ට්‍රේලියා කණ්ඩයමට අමතරව ඔහු එංගලන්තයේදී පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අතර සිම්සන්ගේ පුහුණුකරු ධූරය යටතේ නෙදර්ලන්ත කණ්ඩායම 2007 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමත් කැපී පෙනුණා..

Previous articleගෘහණියක් වූ නුඹට විශේෂයි. ගෙදර හදන කෑම වෙනදටත් වඩා රසවත් කරගන්න, ගොඩක් ගෘහණියන් නොදන්නා සුපිරි ක්‍රම ටිකක් කවුරුත් දන්න පබිලිස් සිල්වා මහතාගෙන් ඉගෙන ගන්න.
Next article“මටත් වැඩිය මගේ පවුලේ අයට ගොඩක් කෝල්ස් ආවා..” “මම හිතුවේ දෙවියන්වහන්සේ මාව ආරක්ෂා කරයි කියලා විතරයි..” සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව ගැන හිමාලි ප්‍රථමවරට කතා කරයි..
error: Content is protected !!
Verified by MonsterInsights