Home දේශිය පුවත් කවුරුත් නොසිතූ මොහොතක ක්‍රිකට් පිටියේ දැවැන්තයෙක් නිහඬ වෙයි.. – ක්‍රිකට් ලොවම කම්පා...

කවුරුත් නොසිතූ මොහොතක ක්‍රිකට් පිටියේ දැවැන්තයෙක් නිහඬ වෙයි.. – ක්‍රිකට් ලොවම කම්පා කළ ශෝකජනක පුවත මෙන්න..

0
4469

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අද පවතින ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට නිහඬවම දැවැන්ත මෙහෙවරක් කළ, ලොව සුපිරි ක්‍රීඩකයන් රැසක් බිහිකළ ඒ සුවිශේෂී ගුරුවරයා ජීවිත ගමනට සමු දී තිබෙනවා.

මුත්තයියා මුරලිදරන්, නුවන් කල්පගේ, රුවන් කල්පගේ වැනි ලෝක පූජිත ක්‍රිකට් තරු ක්‍රිකට් ලොවට හඳුන්වා දුන්, ලංකාවේ ජ්‍යෙෂ්ඨතම සහ ප්‍රවීණතම ක්‍රිකට් පුහුණුකරුවෙකු වූ සුනිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වූ පුවත අසා ක්‍රිකට් ලෝලීන් දැඩි කම්පනයට පත්ව සිටිනවා.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියවන්නට පදනම දැමූ ඒ මහා ගුරුවරයා, පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ සැබෑ යුග පුරුෂයෙක්.

දේහය මේ වන විට මහනුවර පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (22 ඉරිදා) පස්වරු 5.00 ට මහනුවර මහයියාව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

ලක්මවට විශිෂ්ටයින් දායාද කළ ඒ අසහාය ගුරුවරයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු!

 

Previous articleමතකද කාලයක් සමාජමාධ්‍ය කැළඹූ ඒ සරාගිනිය කෞෂි, ඇය උතුම් මව්පදවිය ලබයි..
Next articleපුංචි පැටියව බස් එකට නංවන්න අතින් අල්ලගත්ත අම්මා, සදහටම අතහැරලා ගිය හැටි.. යටියන්තොට අම්මෙක් වෙනුවෙන් මුළු රටම අඬයි..
error: Content is protected !!
Verified by MonsterInsights