භයානක අනාවරණයක් ? ඔබ නිවසේ අයත් අවදානමේ දැයි කල්තියා දැනගන්න..

භයානක අනාවරණයක් ? ඔබ නිවසේ අයත් අවදානමේ දැයි කල්තියා දැනගන්න..

 

මේක නම් ටිකක් විතර බය හිතෙන ආරංචියක් . හැබැයි ඉතින් හැම දෙමාපියෙක්ම කැමතියිනේ තමන්ගේ දරුවෝ සතුටින් ඉන්නවට ඒ නිසා මේක කියවන්නම වෙනවා.

පාසල් යන වයසේ පසුවන සිසුන් පිළිබඳව විශේෂ අනාවරණයක් සිදුකර තිබෙනවා. ඒ අනුව පාසල් වියේ පසුවන බොහෝ දෙනා අධික මානසික පීඩනයෙන් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

එහි මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිනි මාගොඩරත්න සඳහන් කළේ, පසුගිය වසරේ සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ , විශේෂඥ වෛද්‍ය ලක්මිනි මාගොඩරත්න,

“2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පාසල් සෞඛ්‍ය සමීක්ෂණයක් තිබ්බා එතනදී අපේ දරුවන්ගේ දත්ත බැලුවහම 22.4% දරුවෝ තනිකමින් පෙළෙනවා. මේ පාසල් යන අවුරුදු 13 – 17 වයස්වල ළමයි 11.9%ක් කිව්වා රෑට නිදාගන්න අමාරුයි එයාලා මොනවාහරි දේකට කනස්සල්ලට පත්වෙන නිසා කියලා. 18%ක් විතර විශාදය ලක්ෂණ පෙන්නුම් කරලා තිබුණා.

7.5%කට සමීප මිතුරෝ නෑ. 25%ක් ළමයි කියලා තිබුණා ඒ අයට ඉන්නවා හිතේ තියෙන ගැටලුවක් කතා කරන්න කෙනෙක් කියලා. ඒ කියන්නේ 75%ක දරුවන්ට සමීප කෙනෙක් නෑ. ඉතින් මේ ලංකාවේ මෙහෙම වෙන්න පුළුවන් ද කියලා හිතෙනවා. දැන් දරුවන් ලොකු පීඩනයකින් ඉන්න පුළුවන්.

ඒ එක්කම වැඩිහිටියොත් පීඩනයකින් ඉන්න පුළුවන්. එයට නොයෙකුත් සමාජ කාරණා සහ ආතතිය බලපාන්න පුළුවන්.”

Local Gossip