මේ බදුල්ල – දුන්හිඳ බස් අනතුර සම්බන්ධයෙන් ඇහෙන කතාවක්.
තිදෙනෙකුට මරු කැඳ වූ මේ අනතුර ගැන මේ වෙන කොට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, බදුල්ල රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙනි.
ඊයේ පස්වරුවේ දුන්හිඳ ප්‍රදේශයේදී අදාළ බස් රථය අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 3 දෙනෙකු මිය ගොස් 31දෙනෙකු තුවාල ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් 43 හැවිරිදි බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී රථය පදවා ඇත්තේ බස් රථයේ සිටි වෙනත් පුද්ගලයෙකු බවයි.
බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන ඔහු, හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
තඹුත්තේගම සිට බණ්ඩාරවෙල බලා විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක් වුණා.
Hiru Gossip











