Home දේශිය පුවත් පොලිස් විමර්ශනවලදී හෙළිවුණේ වෙනස්ම කතාවක්.. ගිංඔ­ය පතුලේ සැඟවී ගිය සත්ස­රණිගේ ජීවිතය ගැන...

පොලිස් විමර්ශනවලදී හෙළිවුණේ වෙනස්ම කතාවක්.. ගිංඔ­ය පතුලේ සැඟවී ගිය සත්ස­රණිගේ ජීවිතය ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න..

0
572

ඇය මෙහෙම තීරණයක් ගත්තේ ඇයි දැයි බොහෝ දෙනාට තවමත් ප්‍රශ්නාර්ථයක්.

තවමත් හිරිමල් වියේ පසුවෙන තත්සරණි ඇයගේ ජිවීතය ගැන අවසන් තීරණය ගන්නේ කිසිවෙකුත් නොසිතන නිමේෂයකයි.

ඇයගේ මරණය ගැන අද හැමෝම කතා වුණත් ඒ මරණය පසුපස සැඟවුණු කතා තවත් බොහෝමයක් වෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ කතාවේ තවත් නොදත් පැත්තක් ගැනයි.

ඇය ජීවිතය ගැන මේ වගේ තීරණයක් ගත්තේ පෙම්වතා සමග ඇතිවුණු ගැටුමක් නිසා කියා බොහෝ දෙනෙක් විශ්වාස කළත්, ඒ සිද්ධිය පසුපස සැඟවුණු වෙනම කතාවක් තිබුණා.

සමහරවිට මේ සිදුවීම නිසාම ඇය ගෙදරදීත් දිවි ගෙවන්න ඇත්තේ හුදෙකලාවයි. ගිංඔ­යට පැන අතු­රු­දන් වී සිටි තරු­ණි­යගේ සිරුර 29 වැනිදා දහ­වල් පාලම ආස­න්නයේ පාවෙ­මින් තිබි­යදී සොයා ගත්තේ ප්‍රදේ­ශ­වා­සීන් විසින්. ඇයගේ මව මේ වන විට ජීවත් වන්නේ දෙවැනි පුරු­ෂයා සමඟ බවත්, ඇයගේ පවුලේ අභ්‍ය­න්තර ගැටලු විශාල වශයෙන් තිබී ඇති බවත් පොලී­සිය පවසනවා.

ජා ඇළ, බෝපි­ටිය පදිංචි උම­යං­ගනා සත්ස­රණි නමැති 17 හැවි­රිදි තරු­ණි­ය මෙලෙස ඉකුත් 28 වැනිදා සවස 5.30ට පමණ නයි­න­ම­ඩම, ගිංඔය පාලම ආස­න්න­යට පැමිණ ඇති තරු­ණිය තම පෙම්ව­තාට දුර­ක­තන ඇම­තු­මක් දී ඔහු ගෙන්වා­ගෙන ඇය මුහුණ දී ඇති ගැටලු පවසා සුළු වේලා­ව­කින් තරු­ණිය ගිංඔ­යට පැන තිබෙනවා.

ඒ සම­ඟම ඇය බේරා ගැනී­මට තරු­ණ­යාද ගිංඔ­යට පැන ඇති බව පොලී­සිය පව­සයි.

ගිංඔයේ දියේ ගිලී සිටි දෙදෙ­නාට බේරී­මට අසල හෝට­ල­යක සේව­ක­යන් දෙදෙ­නකු ගඟට කඹ­යක් දමා ඇති අතර තරු­ණයා කඹයේ එල්ලී ගොඩට පැමිණ ඇති අතර තරු­ණිය දියේ ගිලී අතු­රු­දන් වී තිබුණා.

දිවි බේරා­ගත් වෙන්න­ප්පුව, නයි­න­ම­ඩම පදිංචි 18 හැවි­රිදි රුමේෂ් ලක්ෂාන් නමැති තරු­ණයා 1990 ගිලන් රථ­ය­කින් මාර­විල මූලික රෝහ­ලට ඇතු­ළත් කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

Previous article“ඔයා වගේ හොඳ දරුවෙක් ඉන්න එකම ඇති, අපිට තව ජීවත් වෙන්න.. ආදරෙයි මගේ පණ..” හිතාගන්න පුළුවන්ද සුරූපී ඇයට මේ තරම් කඩවසම් පුතෙක් ඉන්නවා කියලා..
Next articleජීවිතය බේරපු අත කවදාවත් අමතක කළේ නෑ… කිලෝමීටර් 8000ක් පීනගෙන බ්‍රසීලයේ වෙරළට හැම අවුරුද්දකම එන පෙන්ගුයින් පෙම්වතා..
error: Content is protected !!
Verified by MonsterInsights