Home දේශිය පුවත් අගමැතිවරුන් 7 දෙනෙක් ජනාධිපතිවරු තිදෙනෙකු යටතේ ලේකම් ධූරය දැරූ කීර්තිමත් රාජ්‍ය සේවකයෙකු...

අගමැතිවරුන් 7 දෙනෙක් ජනාධිපතිවරු තිදෙනෙකු යටතේ ලේකම් ධූරය දැරූ කීර්තිමත් රාජ්‍ය සේවකයෙකු දිවි ගමනට සමු දෙයි

0
36

ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකුව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 94 වන වියේ පසුවුණි.

බ්‍රැඩ්මන් වීරකෝන් මහතා කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා පසුව ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්වීතීය අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබුණි.

විශ්වවිද්‍යාලයයෙන් ආර්ථික විද්‍යාව සහ සමාජවිද්‍යාව විෂයයන්ගෙන් ගෞරව උපාධියක් ලබා ඇති ඔහු Fulbright ශිෂ්‍යත්වයක් ලබා අමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලයයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (MA) උපාධියක්‌ හිමිකර ගත් අයෙකි.

1954 වසරේදී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුනු ඔහු, දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර සර් ජෝන් කොතලාවල අගමැති තුමාගේ ලේකම් වශයෙන් පත්වී 2002 වසර දක්වාම තේරී පත්වූ සියලුම අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ලේකම්වරයා වශයෙන් අද්විතීය සේවයක් කර තිබේ.

ඒ අනුව ඔහු අගමැතිවරුන් 7 දෙනෙකු හා ජනාධිපතිවරු තිදෙනෙකු යටතේ ලේකම් ධුරයේ සේවය කර ඇත.

Previous articleහෘදයාබාධයක් වැළදී සිටියදීත් මගීන් 62 කුගේ ජිවිත ආරක්ෂා කළ උතුම් ලංගම රියැදුරෙකු ගැන ඇසෙන කතාව මෙන්න
Next articleරෝගී වෙන වන අලි ඇතුන් ආරක්ෂා කරගන්න කරන්න යන අලුත්ම දේ මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights