අද කාලේ තමන් පණ වගේ ආදරේ කරපු බල්ලා, පූසා වයසට යනකොට, ලෙඩ වෙනකොට පාරට ඇදලා දාන “මිනිස්සු” ඕනෑ තරම් ඉන්නවා.
හැබැයි මේ කියන්න යන්නේ ඒ හැමෝටම කම්මුල් පාරක් දෙන අපූරු තාත්තා කෙනෙක් ගැනයි.
තමන්ගේ වයස ගැනවත්, තමන්ට තියෙන හයිය ගැනවත් හිතන්නේ නැතුව, මේ තාත්තා තමන්ගේ ලෙඩ වුණු හිතවතාව (බල්ලා) ලෑලි තට්ටුවක තියාගෙන තමන්ගේ කර උඩ තියාගෙන පාරේ යනවා කවුරුත් දැකලා තිබුණා. එයා යන්නේ කොහාටද දන්නවද? කොහොම හරි තමන්ගේ මේ අහිංසක සතාව සනීප කරගන්න බලාපොරොත්තුවෙන් පශු වෛද්‍යවරයෙක් ගාවටයි.
සමහරුන්ට යාන වාහන තිබුණට, ලොකු බංගලා තිබුණට නැති මනුස්සකමක් මේ තාත්තා ළඟ තියෙනවා.වාහන නැති වුණාට මොකද? කර තියාගෙන හරි සතාව දොස්තර ගාවට අරන් යන ඒ හයිය.සල්ලි නැති වුණාට මොකද? ලෝකයේ තියෙන වටිනාම “රත්තරන් හදවත” මේ තාත්තා සතුයි.
“කතා කරන්න බැරි සත්තුන්ට මෙහෙම ආදරේ කරන මිනිස්සු ඉන්න නිසා තමයි ලෝකය තාමත් ලස්සන…”
සැබෑ ආදරයට සීමා මායිම් නැහැ කියන්න මේ තාත්තා අද මුළු ලෝකෙටම ආදර්ශයක් දීලා ඉවරයි.
– සමජ මධ්‍යයෙන් –












