Home සයුරෙන් එහා පුවත් ෂාරුක්ගේ 60 වන උපන්දිනය දවසේ රසිකයන්ට තැග්ගක්!

ෂාරුක්ගේ 60 වන උපන්දිනය දවසේ රසිකයන්ට තැග්ගක්!

0
90

බොලිවුඩයේ රජු ලෙස කිරුළු පළන් ෂාරුක් ඛාන්ගේ 60 වන ජන්ම දිනය (02) දිනට යෙදී තිබෙනවා.

ඉතින්, සුපුරුදු පරිදි අද දිනයේ මේ සුපිරි බොලිවුඩ් තරුවට සුබ පතන්නට රසික පිරිස් ඔහුගේ නිවස ඉදිරියට පැමිණ සිට ආකාරයත් විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.

ඉන්දියාවේ මෙන්ම ලොව පුරා රසිකයන්ගෙන් ලැබෙන සුබ පැතුම් මැද උපන්දිනය සමරන ෂාරුක් අද සිය රසිකයන්ට ද අපූර්ව තිළිණයක් ලබා දෙන්නට කටයුතු කළා.

ඒ තමයි ප්‍රේක්ෂකයන් බලා සිටින ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන ‘King’ සිනමා පටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය (teaser trailer) නිකුත් කිරීමට කටයුතු කිරීම.

‘King’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සිද්ධාර්ත් ආනන්ද් (Siddharth Anand) විසින් වන අතර ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් ද මීට රංගනයෙන් එක්වීම විශේෂත්වයක්.

චිත්‍රපටය රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් සහ මාර්ෆ්ලික්ස් පික්චර්ස් යන නාමය යටතේ ගෞරි ඛාන්, සිද්ධාර්ත් ආනන්ද් සහ මම්තා ආනන්ද් විසින් නිෂ්පාදනය කරනු ලබනවා.

ක්‍රියාදාම සපිරි ත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙය ෂාරුක්ගේ මීට පෙර බ්ලොක්බස්ටර් වාර්තා තැබු ‘පතාන්’ සහ ‘ජවාන්’ වනි ආකාරයේ චිත්‍රපටයක් බවයි පූර්ව ප්‍රචාරක පටයේ දර්ශන වලින් පෙනී යන්නේ.

ඉතින්, එළඹෙන 2026 වසරේදී ‘King’ චිත්‍රපටය නරඹන්නට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වන්නට නියමිතයි.

Previous articleහොඳම රංගනයට හිමි ජාත්‍යන්තර සම්මාන වලට නිර්දේශ වුනු මහේන්ද්‍ර සහ රන්දික ගැන ඇසෙන සතුටු හිතෙන පුවත මෙන්න
Next articleදීපිකා වැඩියෙන්ම කන්න ආස රසම් රයිස් ගැන ඔබ නොදත් කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights