අවුරුදු ගානක් සිංහල/ඉංග්‍රීසි බෙහෙත් වලට ගොඩාදාගන්න බැරුව ගිය සෙම/හතිය
‘ ටෙකනලෝජියා ‘ එකෙන් ගොඩ දා ගත්ත විදිහ ගැන තමයි මේ පෝස්ට් එකෙන් කියන්නේ. ඔයාට සෙම හතිය පීනස වගේ කේස් එකක් නැත්තං,ඉන්හේලර් එක කියන්නේ මොකක්ද කියලා දන් නැත්තං ඔයා හුගාක් පින් කරපු කෙනෙක් එම නිසා මේ පෝස්ට් එක පසු කර යනු මැනවි.
මට හතිය කියන සීන් එක එන්නේ පොඩි කාලෙමයි. පොඩි කාලේම හතිය වැඩි වුණ වෙලාවට doctor කෙනෙක් ගාවට ගිහින් දුම් අල්ලන සීන් එක මතකයි.
පස්සේ පස්සේ ගෙවල්වලින් ඉංග්‍රීසි බෙත් වලට තියන විශ්වාසය අතහැරලා සිංහල බෙහෙත් වලට මාරුවුණා. ඊට පස්සේ ගම්පහ අවට හත් අට තැනකින්ම විවිධ වර්ගයේ කසාය රස බලලා සිංහල බෙහෙත් සම්බන්ධ විශ්වාසයත් අත හැරියා.
11 වසරට වගේ යද්දී මේ පීනස තත්ත්වය වැඩි වුණා. කෙස් ගස් එක දෙක ඉදෙන්න ගත්තා. ඕක එපාම කරපු තැනට ආවේ සෙම කනට ඇවිත් කන කකියන්න ගත්තම. හොඳ වෙලාවට කනේ අමාරු වලට තියෙන බෙහෙත් වර්ග වැඩකළා.
කාලයක් යද්දී ඔලුවෙ සෙම ගතිය/ හතිය නැති කරගන්න විධි මම විසින්ම හොයා ගත්තා
රෑ 8ට කලින් ඇග සෝදාගන්න පුලුවන්නම් නිදාගද්දි එන හතිය නො එන්න පුළුවන්.මේකනං ඉතින් වෙන්නේම නැති වැඩක්
එක්කෝ දවස් දෙකකට සැරයක්වත් හොදට excersise කරන්න ඕනේ.එතකොට බොහොම හොඳ නින්දක් ලබා ගන්න පුළුවන්.උසස් අධ්‍යාපනය ලබපු තැන පළමු මාස තුන තමා මන් වැඩිම කාලයක් ඉන්හේලර් එක භාවිතය අත හැරපු කාලය සහ හොඳ නින්දකින් පස්සේ එන සතුට උපරීමයෙන්ම ගත්තා කාලය😌
එක්කෝ ඉතින් හොදට බීලා ගෙදර එන්න ඕනේ. ආයේ ඉතින් සුපිරි නින්දක් තමයි 🥴
අනිත් එක දිනපතා සියලු බෙඩ්ෂිට් අව්වට දාන්න ඕනේ. මේක තරමක් දුරට සාර්ථකයි සහ දැනටත් දින කිහිපයකට සැරයක් අම්මා අව්වට දානවා
ඉන්හේලර් එක කියන්නේ මේවට option එකක් තමයි. නමුත් එකෙන් කනට සෙම යන ඒක වැඩිකලා.
බොහොම මෑතකදී තේරුම් ගත්ත දෙයක් තමයි ඔෆිස් එකේ ac සහිත කොටසේ දාන පැය එකේ නින්ද ,ac රහිත වටවුණු තැන්වල දාන පැය තුනක නින්දටත් වඩා ගුණාත්මක බව.
මේ සියල්ලට විද්‍යාත්මක හේතුව තේරුම් ගත්තේ අහම්බයකින්, ඒ පොඩි වැඩකට ගෙනපූ air quality සෙන්සර් එකක් ටෙස්ට් කරද්දී. ac නොකරපු කොටසේ වාතයේ තියෙන දූවිලි පාටිකල් ප්‍රමාණය, ac කරපු කොටසට වඩා දහ ගුණයකින් විතර වැඩි. හොදම දේ මේ දූවිලි අපේ ඇසට පේන්නේ නැ. අර හරියට රෑට නෙට් ඒක ඇතුලට torch එක ගැහුවහම එන දූවිල්ල වගේ.
ඊටපස්සේ මං තේරුම් ගත්තා මට මේ ඇසට නොපෙනෙන දූවිල්ල/අර රෙදිවල තියෙන පොඩි ඩස්ට් එක වගේ එක ඇලජික් කියලා. නිදා ගද්දි තමයි මේක වැඩිපුරම අපේ පෙනහළු තුළට යන්නේ.
ඊට පස්සේ කරන්න ඕන වියදම අනුව ඔප්ෂන් තුනක් මට ඔලුවට ආවා
👉පළවෙනි එක තමයි කාමරයට AC එකක් හයි කරන එක. මේක තමයි වියදම් වැඩිම ඔප්ෂන් එක
👉air ෆිල්ටර් එකක් භාවිතා කරන එක. මේක ලංකාවේ එච්චර ප්‍රචලිත නොවුනත් . ඉන්දියාව වගේ රටවල බහුලව පාවිච්චි වෙනවා. ලංකාවේ වෙළඳපොලේ බැලුවා රුපියල් 50000-ලක්ෂ එකයි විස්ස අතර මිලක් වෙනවා
👉ඊට පස්සේ තමයි පල්ලෙහා ෆොටෝ එකේ තියෙන එක මම විසින්ම හදා ගත්තේ. ටිපර් එකක වගේ air ෆිල්ටර් එකක් අරගෙන ඒකට fan එකක් සවි කරගත්තා. ඔයා හදාගන්නවා නම් මට වැඩිය ලස්සනට ගම් ටික දාන්න. මේවා මේ ටෙස්ටින් කරපුවනේ ඉතින්😁 . මේක හදන්න රුපියල් 9000ක් විතර යනවා. ඔය එයා ෆිල්ටර් එක ටිකක් මිලයි 5000-6000ක් අතර
ඕක නිදාගන්න ඇදට එහායින් මේසයක් තියලා , ඒකටත් එක්ක නෙට් එක දැම්මට පස්සේ අවට වාතයේ තියෙන ඔක්කොම ඇසට නොපෙනෙන දූවිලි මේක ඇතුළෙ රැඳෙනවා. මේකෙන් එළියට එන්නේ දූවිලි රහිත වාතය.
දැනට මාස දෙකක් වගේ වෙනවා මේක භාවිතා කරන්න අරන්. මේක භාවිතා කරන්න ගත්තට පස්සේ
🎯 ගමනක් යන්න කලින් පරීක්ෂා කරන ලේන්සුව , පර්ස් එක, පොන් එක කියන තුනෙන් ලේන්සුව සම්පූර්ණයෙන්ම ඉවත් කළා.
🎯 බොහොම කලාතුරකින් තමයි කිවිසුමක් යන්නේ, ඔලුවෙ බර ගතියක් දැනෙන්නේ
🎯 ඉන්හේලර් එක භාවිතය සම්පූර්ණයෙන්ම නැවැත්තුවා
🎯 නින්ද වෙනදට වැඩිය මාර කොලිටි. දවල්ට එන නිදිබර ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් වුණා.
🎯 උදේට ඇහැරෙද්දි ඔලුවෙ කිසිම බර ගතියක් නෑ
🎯 active ගතිය පවා වැඩිවුනා.
ඉතින් ඔයාටත් මං කිව්වා වගේ සෙම හතිය තියනවා නම් මේ වගේ ගැජට් එකක් හදලා බලන්න පුළුවන්. මොකද එළියට පෙනුන් නැතුවාට මේ සෙම හතිය නිසා පීඩාවට ලක්වෙන අය ගොඩක් ඉන්නවා. සමහරු මෙවලින් එන අතුරු ලෙඩ වලට ලක්ෂ ගණන් වියදම් කරනවා. ඒ නිසයි මෙච්චර දිග හැල්ලක් දැම්මේ
නිරෝගී වේවා හැමෝම,ජයවේවා.
ප.ලි
හිතුවට වැඩිය කට්ටිය මේක ගැන msg දාලා ඇහුවා.
ඒක නිසයි හදන විදිහ පොඩ්ඩක් විස්තර කරලා කියන්න හිතුවේ. මේක හදන්න අනුසාරය ගත්තේ xiomi brand එකේ එනවා එයා ෆිල්ටර් එකක් ඒක රුපියල් 1,10000ක් විතර වෙනවා. නමුත් වෙන්නේ මේ සිද්ධාන්තයම තමයි. fan එක කැරකෙද්දි ඇතිවන අව පීඩනය නිසා ෆිල්ටරේ හරහා වාතය ඇතුල් වෙලා ෆෑන් එකෙන් පිටවෙනවා. තව ඒකට එන ඇක්ටිව් කාබන් සීන් එක හින්දා විසබීජ විනාශ වෙනවා. තව ෆිල්ටර් එක කොච්චර හිරවෙලාද කියලා පෙන්නන display එකක් එනවා. නැත්තං තනිකර මේකම තමයි.
මේක හදාගන්න විදිහ.
ටිකක් ලොකු electrical shop එකකට යන්න. 230v fan එකක් ගන්න. මං ඒකේ පොටෝ එකක් කමෙන්ට් කරන්නම්. ඊට පස්සේ ඒක අරන් වාහන පාට්ස් විකුණන කඩේකට යන්න. fan එකේ සයිස් එකට හරියන ෆිල්ටර් එකක් අරගෙන පිටින් හුලං ලීක් වෙන්නැති විදිහට හොඳ ගම් එකක් දාලා අලවගන්න. මං වගේ නැතුව වයර් එක හොඳට ආවරණය කරගන්න. නැත්තං පීනස හින්දා අවුරුදු තිහකින් මැරෙන ඔයා කරන්ට් එක වැදිලා මාසෙන් මැරෙන්න පුළුවන් 😁


✍Dilan Lakshitha








