Home සුව අරණ ගෑස්ට්‍රයිටීස් තියෙන ඔබට සුපිරිම ඔසුවක්… මේ දේ කරලා බලන්න… ප්‍රතිඵල ඔබව පුදුම...

ගෑස්ට්‍රයිටීස් තියෙන ඔබට සුපිරිම ඔසුවක්… මේ දේ කරලා බලන්න… ප්‍රතිඵල ඔබව පුදුම කරවයි

0
11

අද අපි දහ දෙනෙක් එක්ක කථා කළොත් ඒකෙන් අඩුම ගානේ අට දෙනෙකුටවත් ගැස්ට්‍රයිටිස් තියෙනවා. ලංකාවේ තියෙන ජනප්‍රියතම ලෙඩේ ගැස්ට්‍රයිටිස් කියලා කිව්වොත් වැරදි නෑ. තරඟකාරී ලෝකයේ ජීවත් වෙන ගොඩාක් දෙනෙකුට වෙලාවට කෑම බීම ගන්න බැරිවෙන නිසා තමය් මේ වගේ ලෙඩ වලට ඉක්මනින් ගොදුරු වෙන්නේ.

එක එක අය මේ ලෙඩේට එක එක ජාතියේ ප්‍රතිකර්ම කරනවා. ඒ අතරින් ඉතාම සාර්තක ප්‍රතිකර්මයක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේකට කියන්නේ ” දියබත” කියලා.

තදින්ම ගැස්ට්‍රයිටිස් තියන කෙනෙක් දවස් 7ක් දියබත් කෑවොත් අනිවාර්යෙන්ම සුවවෙනවා…. අත්දුටුවයි ! සත්තයි ! දියබතේ ගුණ සහ සාදා ගන්නා ආකාරය මෙන්න.

දියබතේ ගුණ
කටතොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවකි. ගැස්ට්‍රයිටීස් නම් අම්ල පිත්තයට ඉතාමත් ගුණදායකයි. ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට. මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෞවන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි. බඩේ තුවාල ඇති අයට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවකි.

අවශ්‍ය ද්‍රව්‍ය
ලියාගත් රතු ළුුණු ගෙඩි 5 – 6, අමුමිරිස් කරල් 3 – 4 ක්, උම්බලකඩ 20 g, ලුණු ස්වල්පයක්, දෙහි බෑවක ඇඹුල්, පොල් බෑයක කිරි, රාත්‍රියේ උයා ඉතිරි බත් ටිකක්

සාදා ගන්නා ආකාරය
පෙරදින රාත්‍රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් ප්‍රමාණයකට බත් ටික වැසෙන ප්‍රමාණයට වතුර දමා නෑබිලියකින් වසා රැය පහන් වනතෙක් තැබිය යුතුයි. (වෙනත් භාජනයක වුවත් කම් නැත. නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කරන්න).

පසුදා උදෑසනින්ම අවදිවෙලා දිය බත හදනවා මෙන්න මෙහෙම..
කපා ගත්ත රතුළුණු, අමු මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න. එකේ තියන වතුර ඉවත් කරන්න එපා… දැන් මේකට අවශ්‍ය තරම් ලුණු දමන්න. බත් එකටත් ලුණු දාලනම් උයලා තියෙන්නේ ලුණු ටිකක් විතර දාන්න. උම්බලකඩත් කුඩාවට තලාගෙන එකතු කරගන්න. ඉන්පසු නෑබිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කර ගන්න… ඉන් පසුව මේකට පොල්කිරි ටික එකතුකරන්න… දෙහි ඇඹුල් අවශ්‍ය තරමට මිරිකන්න රස අනුව

ඔබට ගැස්ට්‍රයිටිස් තත්වය ගොඩක්ම වැඩියි නම් කිතුල් හකුරු එක්කරගන්නත් පුළුවන්… එහෙනම් කාලා බලලා රසගුණ අගුණ කියන්න.එක දිගට නොවෙයි දවසක් ඇර දවසක් මේ “දිය බත “කන්න පුළුවන් නම් මාසයක් දෙකක් යනකොට “ගැස්ට්‍රයිටිස්” වලට බායි කියන්න පුළුවන්.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න.

Previous articleදියවැඩියාවට, හන්දිපත් රුදාවට, වකුගඩු වල ගල් දියවීමට ඔසුවක් වූ අශෝක මල් පානය ගැන විශ්මිත හෙලිදරව්වක් මෙන්න
Next articleපිළිකාවෙන් වැළකෙන්න රතුළුෑනු බික් කීපයක් දිනපතා අමුවෙන් ආහාරයට ගන්න
error: Content is protected !!
Verified by MonsterInsights