Home දේශිය පුවත් කිරි සිනහවක් නැති පාලු ගෙවල්වලට සතුටුදායක පණිවිඩයක්.. රජයේ රෝහලක පළමුවරට සිදුවෙන්න යන...

කිරි සිනහවක් නැති පාලු ගෙවල්වලට සතුටුදායක පණිවිඩයක්.. රජයේ රෝහලක පළමුවරට සිදුවෙන්න යන මේ දේ දන්නේ කීයෙන් කී දෙනාද?

0
6882

ශ්රී ලංකාවේ රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ ප්‍රථම වතාවට නළ දරු පරීක්ෂණ පහසුකම් හෙවත් IVF (In Vitro Fertilization) ප්‍රතිකාර ක්‍රමය හඳුන්වා දීමට කොළඹ කාසල් වීදිය කාන්තා රෝහල සූදානම් වෙනවා.

මෙතෙක් පෞද්ගලික රෝහල්වලට පමණක් සීමා වී තිබූ මෙම දියුණු වෛද්‍ය පහසුකම සාමාන්‍ය ජනතාව වෙත සමීප කිරීම මෙහි අරමුණයි.

කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් කුමාර දන්තනාරායන සඳහන් කළේ ඉදිරි මාස තුන ඇතුළත මෙම මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

ශරීරයෙන් බැහැරව රසායනාගාරයක් තුළදී ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් සංසේචනය කර පසුව එය ගර්භාෂය තුළ තැන්පත් කිරීම මෙහිදී සිදු කෙරෙනවා.

පැලෝපීය නාල අවහිරතා, ශුක්‍රාණු මදිකම සහ හෝර්මෝන ගැටලු සහිත අඹුසැමියන්ට මෙය ඉතා සාර්ථක විසඳුමක් බවයි සඳහන් වෙන්නේ.

වර්තමානයේ වර්ධනය වෙමින් පවතින වඳභාවය (Infertility) පිළිබඳ ගැටලුව හමුවේ, රජයේ සෞඛ්‍ය සේවාව හරහා මෙවැනි උසස් තාක්ෂණික ප්‍රතිකාර ලබා දීම ජාතික අවශ්‍යතාවක් බවයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Previous articleපොළිය 3%යි..” – බැංකු 13ක් සූදානම්..
Next articleරත්තරන් ගැන හීන දැකීම අදින් අවසන් ද? ලක්ෂ 4ට තව රුපියල් 3,000යි.. මහත්තයෝ මාලේ නෙවෙයි, දැන් නූල් පොටක්වත් දාන්න වෙන්නේ නෑ..
error: Content is protected !!
Verified by MonsterInsights