ඔබ මේ වගේ මිනිසුන් ගැන අසා ඇත්තේ Avatar චිත්‍රපටයේදී පමණක් වෙන්න පුළුවන්. මිනිසුන් විමතියට පත් කරන මේ පුවත ඇසෙන්නේ, එංගලන්තයේ ඩර්බිෂයර් (Derbyshire) ප්‍රදේශයෙන්..
තම සිරුරේ සම එකවරම නිල් පැහැයට හැරීම නිසා දැඩි බියට පත්ව රෝහල් ගත වූ පුද්ගලයෙකු පිළිබඳව ඇසෙන ඒ කතාව දැනගන්න ඔබත් කැමතියිද..?
42 හැවිරිදි ටොමී ලින්ච් (Tommy Lynch) නැමැති මෙම පුද්ගලයා පවසන්නේ තමාට තෑගි ලැබුණු තද නිල් පැහැති නව ඇඳ ඇතිරිලි කට්ටලයක සායම් සිරුරේ තැවරීම මෙයට හේතුව වී ඇති බවයි.
රුධිර සාම්පලයක් ලබා ගැනීමට පෙර හෙදියක් විසින් ඔහුගේ අත මතුපිට පිසදමන විට, එම පුළුන් කැබැල්ල නිල් පැහැයට හැරී ඇති නිසා මේ බව ඔවුන් සොයා බලා තිබෙනවා.
එවිටයි මෙය රෝගී තත්ත්වයක් නොව ඇඳ ඇතිරිලිවල සායම් බව අනාවරණය වී තිබුණා. ස්ටර්ලිං පවුම් 40ක් (රුපියල් 15,000කට ආසන්න) වටිනා මෙම ඇඳ ඇතිරිලි කට්ටලය අධික ශීතලෙන් ආරක්ෂා වීම සඳහා ඔහුට ලැබුණු තෑග්ගක්.
නින්දේදී ඇති වූ අධික රත් වීම නිසා සිරුරේ දහඩිය සමඟ මෙම සායම් තැවෙන්නට ඇති බව විශ්වාස කෙරෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේ වෙතත් මේ සිද්ධියට මුහුණදුන් ඔහු පැවසුවේ මෙවැන්නක්. “මම ඇත්තටම ලැජ්ජාවට පත්වුණා. නමුත් වෛද්‍යවරුන් පැවසුවේ හදිසි අනතුරු අංශයේ සාමාන්‍යයෙන් මෙවැනි විහිලු සහගත සිදුවීම් අසන්නට නොලැබෙන නිසා ඔවුන්ට මෙය හොඳ විනෝදයක් වූ බවයි..”













