එසේ ප්‍රධාන රෝග ලක්ෂණ මතුවන්නට පටන් ගන්නේ බොහෝවිට ඔබගේ වකුගඩු 80%ක් පමණ හානි වූ පසුවයි. ඒත් මෙවැනි ක්‍රමවලින්ද වකුගඩු රෝග සමනය කරගැනීමට ඔබට හැකියාව පවතිනවා කියා ඔබ විශ්වාස කරනවාද..? මේ අන්න ඒ වගේ පර්යේෂණයකින් හෙළිවූ තවත් එක් කතාවක්.
වකුගඩු රෝගවලින් පීඩා විඳින රෝගීන් සඳහා අමෙරිකානු ජාතික වෛද්‍ය අකනාස් (Dr. Akanas) විසින් හඳුන්වා දුන් බව පැවසෙන විශේෂ අයිස් ටී (Iced Tea) පානයක් පිළිබඳව මේ දිනවල සමාජයේ කතාබහට ලක්වෙවෙනවා.
වකුගඩුවල කැල්සියම් ඔක්සලේට් (Calcium Oxalate) අධික වීම නිසා හටගන්නා ගල් දියකිරීමට මෙම පානය සමත් බව මෙහි සඳහන්.
වයස අවුරුදු 56ක් වූ දැඩි සේ ගිලන්ව සිටි රෝගියෙකුට දිනකට අයිස් ටී ලීටර් 4ක් පානය කරන ලෙස වෛද්‍යවරයා උපදෙස් දී ඇති අතර, ඉන් සති කිහිපයකට පසු සැත්කමකින් තොරව වකුගඩු ගල් ඉවත් වී ශරීරයේ විඩාව නිවී ගිය බව වාර්තා වෙනවා.
අයිස් ටී සාදා ගන්නා ආකාරය,
අවශ්‍ය ද්‍රව්‍ය: තේ බෑග් (Tea bags) 3ක් හෝ 4ක්, අවශ්‍ය ප්‍රමාණයට සීනි, අයිස් කැට කිහිපයක්, උණු වතුර සහ මිංචි කොළ (Mint leaves).
සාදන ක්‍රමය: හොඳින් රත් වූ ජලයට තේ පාන් සහ මිංචි කොළ දමා විනාඩි 5-10ක් තම්බා ගන්න. පසුව එයට සීනි (ඉතා අඩුවෙන්) සහ අයිස් කැට මිශ්‍ර කර පානය කරන්න.
එහෙත් ඔබ මතක තබා ගන්න, කාලාන්තරයක් පවතින මෙවැනි ඕනෑම රෝගී තත්ත්වයකදී මෙවැනි අත්බෙහෙත් අත් හදාබැලීම සුදුසු වුවත් නිසි වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත් වෙනවා.
සමාජමාධ්‍ය තුළ පළවූ ලිපියක් ඇසුරෙන්..












