මේ අපේ ආගන්තුක සත්කාරය ලොවටම පෙන් වූ තවත් මොහොතක් ගැන ඇහෙන කතාවක්…
ලොවම කම්පනයට පත් වූ Air india ගුවන් අනතුරට මේ වෙනකොට දින හතක් ගතවෙනවා.
මේ අවාසනාවන්ත අනතුරින් අපේ රටේ සංචාරයේ යෙදුනු, ඉන්දීය සංචාරක පවුලකට දිවි අහිමි වුණා.
ඔහුන් වෙනුවෙන් පිං අනුමෝදන් කිරීමේ දානමය පින්කමක් පසුගිය දා පැවැත්වුණා.
ඒ සංචාරක මගපෙන්වන්නන් සහ සංචාරක සේවා සපයන්නන්ගේ ආධාර උපකාර මතයි.




