අම්මා කෙනෙක්ට මේ වගේ දවසක් මොන තරම් නම් සතුටක් ගෙන එන දවසක්ද..?
ඒත් ඇය එදා ඒ වේදිකාවට ගොඩ වෙන්නේ ජීවිතේ ලොකුම ලොකු කඩාවැටීමක් එක්කයි.
දරුවෙක් උපන්දා සිට ටිකෙන් ටික ලොකුවෙන හැටි අම්මා කෙනෙක් බලාගෙන ඉන්නේ පුදුමාකාර සතුටකින්. දවසින් දවස තමන්ගේ දරුවා අධ්‍යාපනයෙන් ජීවිතයේ ඉස්සරහට යන එක ඇයට තවත් ලොකු සතුටක් වෙන්නටම ඕන. මීට අවුරුදු 4කට විතර කලින් පසිඳුගේ අම්මාටත් ඒ සතුට එහෙමම දැනෙන්න ඇති.
ඊයේ ඔහුගේ උපාධි ප්‍රධානෝත්සවය, ඒත් ඒ දවස බොහෝ දෙනාගේ ඇසට කඳුළක් ගෙනදෙන දවසක් කරන්න පසිඳුගේ මතකවලට හැකි වෙලා.
NSBM හරිත සරසවියේ උපාධි ප්‍රධානෝත්සවය දවසේ කාගේත් නෙතට කඳුළක් ගෙන ආව ඒ වීඩියෝව ගැන තමයි මේ කතාව.
H.A.D.N.P. සෙනෙවිරත්න. සියල්ලන් කතා කරන ඒ තරුණයා බවට පත්වුණේ ඔහුයි. ඔහුගේ ජීවිතය වේගය ඉදිරියේ පරාජය වී සදහටම අපෙන් ඔහු සමුගන්නේ මීට ටික කාලයකට කලින්.
රජෙක් වන් පුතෙක් තැනූ ඒ මව වේදනාවෙන් පිරුණු හදවතකින් වේදිකාව වෙත ඇවිද ආවේ ඔහුගේ මහන්සියේ කිරුළ රැගෙන යාමටයි.
ඉතින් ඇය ඊයේ එම උපාධි ප්‍රධානෝත්සවයේදී තම පුතාගේ උපාධිය නිල වශයෙන් ලබාගත් ඒ මොහොත කාගේත් හදවත සංවේදී කළ කාරණයක් වුණා.
නවීන් පසිඳු සෙනෙවිරත්න ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
