අක්මාව රැකගන්නම නිශ්පාදනය වෙන අලුත්ම ඖෂ­ධීය ටොෆි­යක්.. ඒ ගැන විස්තර දැනගන්න කැමතියිද..?

අක්මාව රැකගන්නම නිශ්පාදනය වෙන අලුත්ම ඖෂ­ධීය ටොෆි­යක්.. ඒ ගැන විස්තර දැනගන්න කැමතියිද..?

 

 

මේ කියන්න යන්නේ නම් ඇත්තටම විශේෂ කතාවක්.

අක්මාව කියන්නේ අපේ ශරීරයේ තවත් එක් වැදගත් ඉන්ද්‍රියක්. ඉතින් ඒ අක්මාව රැකගන්න තවත් එක් ඖෂධීය ටොෆියක් දැන් ලංකාවේදීම නිපදවෙන බව ඔබ දන්නවාද..?

අක්මාව මිනිස් සිරුරේ විශා­ල­තම ඉන්ද්‍රිය මෙන්ම විශා­ල­තම ග්‍රන්ථිය ද වේ. ශරී­රයේ ඇති රසා­ය­නා­ගා­රය ලෙස ද මෙය හැඳි­න්විය හැකිය. මිනිස් ශරී­රයේ ඉතා විශාල කාර්ය­භා­ර­යක් අක්මාව මඟින් සිදු කරනු ලබයි. මෙසේ ශරී­ර­යට අවශ්‍ය වැද­ගත් සේවා­වන් රැසක් සිදු­ක­රන අක්මාව ආශ්‍රි­තව ඇති­වන රෝග තත්ව­යන් වර්ත­මා­නය වන විට බහු­ලයි. මේ අනුව ශ්‍රී ලංකාවේ ජන­තා­ව­ගෙන් 35% ක ප්‍රති­ශ­ත­ය­කට අක්මාවේ රෝගී තත්ත්ව­යන් ඇත.

අක්මාවේ ඇති­වන ලෙඩ රෝග සඳහා ඖෂ­ධීය ටොෆි­යක් නිෂ්පා­ද­නය කිරී­මට ශ්‍රී ලංකාවේ ආයු­ර්වේද සමා­ග­මක් සමත් වී ඇත. අලව්ව ප්‍රදේ­ශයේ පිහිටා ඇති මෙම පෞද්ග­ලික සමා­ගමේ නිෂ්පා­ද­න­යක් වන මෙම ටොෆිය, අක්මාවේ ක්‍රියා­කා­රී­ත්වය යෝග්‍ය මට්ට­මින් පව­ත්වා­ගෙන යාමට උප­කාරී වන බව එම ආය­ත­නයේ අධ්‍යක්ෂ චමින්ද රූප­සේන පවසනවා. ඔහු වැඩිදුරටත් ඒ ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“ලෝක­ය­ටම ඖෂ­ධීය ටොෆි­යක් හඳු­න්වා­දීමේ සංක­ල්පයේ පුරෝ­ගා­මියා වන්නේ අපේ ආය­ත­න­යයි. සාමා­න්‍ය­යෙන් ලෙඩ රෝග­ය­කට ආයු­ර්වේ­දයේ ප්‍රති­කාර ලෙස නිර්දේශ කරන්නේ ගුළි හෝ තෙල් ආදී සාම්ප්‍ර­දා­යික ක්‍රම­වේ­ද­යන් වේ. නමුත් අපි ඊට එහා ගිහින්, ඖෂ­ධීය ගුණය එලෙ­සම පවත්වා ගනි­මින්, නවීන තාක්ෂ­ණය උප­යෝගී කර­ගෙන, මිනි­සු­න්ටත් පරි­භෝ­ජ­නයේ දී ආස හිතෙන රස­ය­කින් යුතුව අපි මේ ආයු­ර්වේදී ටොෆිය නිෂ්පා­ද­නය කරලා තිබෙ­නවා.”

“කුඩා කාලයේ සිට ගන්න ප්‍රති­ජී­වක ඖෂධ හා ආහාර රටා­වත් සමඟ අපේ අක්මා­වට ලොකු බල­පෑ­මක් එල්ල වෙනවා. මේ හේතූන් නිසා අඩ­පණ වෙලා තිබෙන අක්මාව ප්‍රාණ­වත් කරන්න මේ නිෂ්පා­ද­න­යට හැකි­යාව තිබෙ­නවා. අක්මාව සම්බ­න්ධ­යෙන් කතා කරද්දි එහි ක්‍රියා­කා­රී­ත්ව­යට සුදුසු ඖෂ­ධ­යක් ලෙස ආයු­ර්වේ­දයේ සල­කන්නේ හීන්බෝ­වි­ටියා. හීන්බෝ­වි­ටියා කියන්නේ ඒක­දේ­ශික ශාක­යක්.”

හීන්බෝ­වි­ටියා ශාකය එහි ඇති විශිෂ්ට හෙප­ටෝ­ප්‍රො­ටෙ­ක්ටිව් (අක්මාව ආරක්ෂා කිරීමේ) ගුණාංග නිසා දේශීය වෛද්‍ය විද්‍යා­වේදී ඉතා ඉහ­ළින් අගය කරනු ලබයි. එය “අක්මාවේ මිතුරා” ලෙස ද හැඳින්වේ.

“ඒ වගේම අක්මා­වට හිත­කර බල­පෑ­මක් ඇති කරන ආයු­ර්වේ­දයේ ඖෂ­ධ­යක් තමයි සිය­ඹලා. ඒ වගේම සිය­ඹලා ප්‍රති­ශ­ක්තිය වඩ­වන්න පුළු­වන් ආයු­ර්වේ­දයේ විශේෂ ඖෂ­ධ­යක්. මේ වගේ ඖෂ­ධීය ගුණ­යෙන් යුතු ද්‍රව්‍ය උප­යෝගී කර­ගෙන තමයි මේ නිෂ්පා­ද­නය හදලා තිබෙන්නෙ.”

“මෙම ටොෆිය නිසි ආයු­ර්වේද වෛද්‍ය­ව­රුන්ගේ අධී­ක්ෂ­ණය යටතේ නිෂ්පා­ද­නය කරලා, ආයු­ර්වේද දෙපා­ර්ත­මේ­න්තුවේ සූත්‍ර පනත යටතේ අනු­මැ­තිය ලබා­ගෙන තිබෙන නිෂ්පා­ද­න­යක්. මේ නිෂ්පා­ද­න­යට ලංකා කාර්මික මණ්ඩ­ලයේ තත්ත්ව සහ­ති­කය (ITI තත්ව සහ­ති­කය), ISO තත්ව සහ­ති­කය හා GMT සහ­ති­කය අප කර්මා­න්ත­ශා­ලාව වෙනු­වෙන් ලබා ගෙන තිබෙ­නවා.”

ආයු­ර්වේද ඖෂධ සකස් කරනු ලබන්නේ බොහෝ­දු­රට ස්වාභා­වික ශාක, සත්ත්ව සහ ඛණිජ ද්‍රව්‍ය මත පද­නම් වීමෙනි. එම­ නිසා ඒවා කල්තබා ගැනී­මට කෘත්‍රිම හෝ ප්‍රමි­ති­යෙන් තොර ද්‍රව්‍ය එකතු කිරීම යනු එම ඖෂ­ධ­වල මුල් ස්වභා­වය සහ ගුණා­ත්ම­ක­භා­වය විනාශ කිරී­මකි. එමෙන්ම සාම්ප්‍ර­දා­යික වෛද්‍ය ක්‍රම­වල විශ්වා­ස­නී­ය­ත්වය සහ ඵල­දා­යි­තාව කෙරෙහි සෘජු­වම බල­පාන බැරෑ­රුම් තත්ත්ව­යකි. මේ අනුව චමින්ද රූප­සේන මහතා ඖෂ­ධීය ටොෆියේ අඩංගු කර ඇත්තේ ස්වාභා­වි­කම අමු­ද්‍රව්‍ය බව පෙන්වා දෙයි.

“හීන්බෝ­වි­ටියා, සිය­ඹලා වගේ ටොෆියේ අමු­ද්‍ර­ව්‍ය­ව­ලට කෘත්‍රිම කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කරලා නැහැ. අපි හැම­වෙ­ලා­වෙම උත්සාහ කරන්නේ ස්වාභා­වික නිෂ්පා­ද­න­යන් උප­යෝගී කර­ගෙන ආයු­ර්වේද ඖෂ­ධ­යන් නිෂ්පා­ද­නය කිරී­ම­ටයි. ඒ අනුව මෙම ටොෆිය සඳහා මී පැණි­ව­ලින් තමයි කල්තබා ගැනීමේ තත්ත්වය ඇති කරලා තිබෙන්නෙ. නිවැ­රදි ක්‍රම­වේ­දය අනුව නෙළා ගන්නා දේශීය මී පැණි තමයි මේ සඳහා යොදා­ගෙන තිබෙන්නෙ.”

ආයු­ර්වේ­දය රෝග ලක්ෂණ පම­ණක් සම­නය කිරී­මට වඩා, රෝගයේ මූලික හේතුව හඳු­නා­ගෙන එය සුව කිරී­මට උත්සාහ කරයි. මෙය පුද්ග­ල­යාගේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය සහ තුන්දොස් (වාත, පිත්ත, සෙම්) සම­බ­ර­තාව යථා තත්ත්ව­යට පත් කිරීම අර­මුණු කරයි. ඒ අනුව මෙම ඖෂධ නිකම්ම රෝග සුව කිරී­මට නොව, ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තිය ශක්ති­මත් කිරී­මට, ජීව ශක්තිය වැඩි කිරී­මට සහ ශරී­රය නිරෝ­ගීව පවත්වා ගැනී­මට ද උප­කාරී වේ. එමෙන්ම මෙය රෝග නිවා­ර­ණ­යට ද වැද­ගත් වේ.

“මෙම ටොෆි­යට අම­ත­රව ගොරකා උප­යෝගී කර­ගෙන කළ තවත් නිෂ්පා­ද­න­යක් තිබෙ­නවා. එය සිරුරේ මේදය අඩු කර ගැනීම වෙනු­වෙන් කළ නිෂ්පා­ද­න­යක්. මේ නිසා තර­බාරු බව අඩු කර ගන්න පුළු­වන්, ඒ ගැන සාය­නික පරී­ක්ෂණ කරලා ඔප්පු වෙලා තිබෙ­නවා. විශ්ව­වි­ද්‍යාල මහා­චා­ර්ය­ව­රුන් සහ විද්‍යා­ර්ථීන් සම්බන්ධ කර­ගෙන මිනි­සුන් 108 දෙනෙ­කුට මේ නිෂ්පා­ද­නය මාස 3ක කාල­යක් දීලා පරීක්ෂා කළා. පසුව කළ නිරී­ක්ෂ­ණය අනුව සිරුරේ මේදය අඩු­කළ හැකි නිෂ්පා­ද­න­යක් බව තහ­වුරු වෙලා තිබෙනවා. ඒ අනුව සිරුරේ ආහාර ජීර්ණ පද්ධ­තියේ ක්‍රියා­කා­රී­ත්වය සක්‍රිය මට්ට­ම­කට ගෙන ඒමට ක්‍රියා­ත්මක වී තිබෙ­නවා. ඉන්දියාවේ ආයුෂ් ජාත්‍ය­න්තර සඟ­රා­වෙහි මෙම පර්යේ­ෂණ පත්‍රි­කාව පිළි­බ­ඳව පළ කර තිබෙ­නවා.”

නව නිෂ්පා­දන හඳුන්වාදීම හේතු­වෙන් සේව­ක­යන් සඳහා ඇති­වන රැකියා අවස්ථා සැල­කිය යුතු ලෙස ධනා­ත්මක වේ. නව නිපැයුම් සහ නවෝ­ත්පා­ද­න­යන් ආර්ථික වර්ධ­න­යට සහ රැකියා උත්පා­ද­න­යට සෘජු­වම දායක වන බව සඳ­හන් කළ යුතුය. මේ අනුව නව නිෂ්පා­දන හඳු­න්වා­දීම ශක්ති­මත් රැකියා උත්පා­ද­ක­යකි. සේව­ක­යන් නව නිපු­ණ­තා­ව­ලින් සන්නද්ධ වීම අනා­ගත ආර්ථි­කය සඳහා ද වැද­ගත් වේ.

“දැනට අපේ කර්මාන්ත ශාලාවේ 86 දෙනෙක් පමණ පිරි­ස­කට රැකියා අවස්ථා ලබා දීලා තිබෙ­නවා. ඊට අම­ත­රව නිෂ්පා­දන අමු­ද්‍රව්‍ය ලබාදීම සම්බ­න්ධ­යෙන් 170ක් පමණ පිරි­සක්, විශේ­ෂ­යෙන් ග්‍රාමීය කාන්තා­වන් පිරි­ස­කට අප සමඟ එක්ව වැඩ කිරී­මට අව­ස්ථාව ලබා දීලා තිබෙ­නවා. ඒ නිසා ඔවුන්ගේ පවුල් නඩත්තු කරන්න අම­තර ආදා­ය­මක් ඔවු­න්ට ලබා­ගන්න හැකිවී තිබෙ­නවා. මේ අය ලංකාව වටේ විසි­රිලා ඉන්නවා. අපිට ගුණා­ත්මක අමු­ද්‍රව්‍ය සප­ය­නවා.”

වෙද­ගෙ­දර ආයු­ර්වේද ඖෂධ නිෂ්පා­දන කර්මා­න්තය සාම්ප්‍ර­දා­යික දැනුම සහ නවීන තාක්ෂ­ණය ඒකා­බද්ධ කර­මින් දේශීය හා විදේ­ශීය වෙ‍ෙළ­ඳ­පොළ ඉලක්ක කර­ගත් තිර­සර ව්‍යාපා­ර­යක් ලෙස වර්ධ­නය වෙමින් පව­තියි. එය ලාභ අර­මුණ කර ගත් ව්‍යාපා­ර­ය­කට එහා ගිය සමාජ සේවය ඉටු කිරී­මක් වශ­යෙන් සඳ­හන් කළ හැකිය.

“මේ වගේ ඉදි­රි­යේ­දීත් ආයු­ර්වේද ඖෂ­ධීය ද්‍රව්‍ය එළි­ද­ක්වන්න බලා­පො­රොත්තු වෙනවා.” යනු­වෙන් අව­සා­නයේ දී චමින්ද රූප­සේන මහතා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළා.

දිනමිණ පුවත්පත ඇසුරෙන්..
by TaboolaSponsored Links
You May Like

Uncategorized