Home දේශිය පුවත් රෝගියෙකු බලන්න නුදුන්නැයි මළපැනලා… රංගන ශිල්පියා රෝහලේ ඩෙඟා නටලා.. මේ කියන්නේ කවුරු...

රෝගියෙකු බලන්න නුදුන්නැයි මළපැනලා… රංගන ශිල්පියා රෝහලේ ඩෙඟා නටලා.. මේ කියන්නේ කවුරු ගැනද ?

0
64

රෝගියකු බැලීමට අවසර ලබා නොදුන්නැයි උරණ වී හෝමාගම මූලික රෝහලේ ආරක්ෂක නිලධාරියකුට පහර දුන් බව කියන ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු අත් අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු බව සදහන්.

මෙම පුද්ගලයා මිතුරන් සිව් දෙනකු සමඟ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය මව බැලීම සඳහා හෝමාගම මූලික රෝහලට ගොස් තිබේ.

රෝගියා බැලීමට දී ඇති එක් අවසර පත්‍රයකින් ඇතුළු විය හැක්කේ දෙදෙනකුට පමණක් බැවින් අනිත් දෙදෙනාට ඇතුළු වීමට ආරක්ෂක නිලධාරියා අවසර දී නොමැත.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරියා සමඟ වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් රංගන ශිල්පියා විසින් ආරක්ෂක නිලධාරියාට පහර දුන් බව රෝහල් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්.

පසුව ආරක්ෂක නිලධාරියා මූලික ප්‍රතිකාර ඒකකයට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ඇති අතර පසුව රංගන ශිල්පියා හෝමාගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් සමථයකට පත්වීමට දෙපාර්ශ්වය එකඟ වීම නිසා රංගන ශිල්පියා නිදහස් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි.

Previous articleබිත්තියේ ඇති පැල්ලම් ලේසියෙන්ම යවන ක්‍රම ගැන මීට කලින් දැනගෙන හිටියාද ? දන්නැත්තම් ඔන්න දැනගන්න.
Next articleලොවක් ආදරේ කරන සුපිරි තරුවත් අපේ පාර්ලිමේන්තුවට ගිහින්..!
error: Content is protected !!
Verified by MonsterInsights