Home දේශිය පුවත් මනුස්සයෙක් දවසට කන්නේ ලුනු ග්‍රෑම් 7යි. මාස හයකට හරියන්න ලුණු ගෙදරට ගෙනිහින්…...

මනුස්සයෙක් දවසට කන්නේ ලුනු ග්‍රෑම් 7යි. මාස හයකට හරියන්න ලුණු ගෙදරට ගෙනිහින්… මාධ්‍ය මවපු ලුණු හිඟය නිසා පාරිභෝගිකයින් බය වෙලා..

0
55

ලුණු හිඟයක් ගැන පාරිභෝගිකයා තුළ ඇති අනියත බිය හේතුවෙන් ඔවුන් වැඩි වැඩියෙන් මිලදී ලුණු හිඟයට හේතු වී ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා පවසයි.

ඔහු පවසන්නේ ජනතාව ලුණු පැකට් 10 – 12 රැගෙන ගොස් මාස 5කට 6කට ඇතිවෙන්න ලුණු රැසකර ඇති බවයි.

තවදුරටත් අදහස් දැක්වූ නන්දනතිලක මහතා,

“වෙළෙඳපොළට අපි ලුණු නිකුත්කරගෙන යනවා. අද රටේ ලුණු හිඟයක් ගැන කථා කරනවා. මේකෙන් පාරිභෝගිකයන්ට අනියත බියක් ඇතිවෙලා තියෙනවා ලුණු හිඟවෙයි කියලා.

ඒ නිසා හැමකෙනාම පෙළබිලා ඉන්නවා වෙළෙඳපොළේ තියෙන ලුණු වැඩි වැඩියෙන් මිලදී ගන්න. පැකට් 10 – 12 ගෙනිහින් ගෙදර ගබඩා කරගෙන තියෙනවා මාස 5කG 6කට ඇතිවෙන්න. මේ නිසා තමයි මේ ලුණු හිඟයක් ඇතිවෙලා තියෙන්නේ” යැයි පැවසීය.

ලුණු හිඟය සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ, එළැඹෙන සඳුදා පමණ වනවිට ලුණු ආනයනය කර ලුණු හිඟය අවමකිරීමට පියවර ගන්නා බවයි.

“මිනිස්සු දවසට ලුණු කන්නේ ගෑම් 5යි 7යි අතර. මේ ටික ගත්තත් මෙට්‍රික් ටොන් 500 කියන ප්‍රමාණය සපයන්න බැරි රටක් නෙමෙයි අපේ රට.

සඳුදා, බදදා වෙනකොට රට තුළ ප්‍රමාණවත් තොග ගෙනල්ලා වෙළෙඳපොළට දාන්න අවසර දීලා තියෙනවා” යැයි පැවසීය.

වෙළෙඳපොළ තුළ ඇති ලුණු හිඟයට පිළියමක් ලෙස රජය විසින් එළඹෙන ජුනි 10වනදා දක්වා මෙරටට ලුණු ආනයනය සඳහා මේ වනවිට කැබිනට් අනුමැතිය ලබා දි තිබේ.

වසර 15කට පසුව පළමුවරට ඉකුත් වසරේ දෙසැම්බර් මසදීද ලුණු ආනයනය කළේය.

ඒ අනුව මාස 6ක පමණ කාලයක් තුළ ලුණු ආනයනය කෙරෙන දෙවැනි වතාව මෙය වේ.

Previous articleඅවුරුදු 30ක යුද්ධය එක්ක අපිත් ඔට්ටු වුනා..” අමතක නොවන මතක ගැන හෙද නිලධාරිනි පුෂ්පා තැබූ සංවේදී සටහන මෙන්න.
Next article“අපොයි තිබුණා…බෝඩිම් වල ඉදලා නිකං චාටර් වෙවී ඉන්නකොට මේක අතහරින්න හිතුන වාර අනන්තයි” හිතාගන්න බැරි විදිහට වෙනස් වුණු ඇගේ ජීවිතය ගැන රෙබෙකා කී කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights