මේ වසරේ අවසාන කාලයයි. ගෙවී යන නොවැම්බර් මාසය තුළ වීවිධ වෙනස්වීම් ග්‍රහ ලෝකය තුළ දැකගන්නට ලැබේවි. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.
නොවැම්බර් මස 13වැනිදා, කොහොම හරි මේ දවස ගැන ඔබ වඩා සැලකිලිමත් වෙන එක වැදගත් වේවි කියලා, මේ ඇසෙන කතාවේදී නම් ඔබට හිතේවි.
නොවැම්බර් 10 දින බුධ ග්‍රහයා වෘශ්චික රාශිය තුළ වක්‍ර වන අතර නොවැම්බර් 29 දක්වා දින 20 ක් එසේ ගමන් කරයි. කටක රාශියේ උච්ච වූ ගුරු නොවැම්බර් 11 දින වක්‍ර වෙමින් 2026 මාර්තු 11 දක්වාම දින 120 ක කාලයක් වක්‍ර ගමනක යෙදෙයි.
ඉදිරි සති තුනක පමණ කාලය තුළ ජලය සහ ජලාශ්‍රිත විපත් පිළිබඳව පරෙස්සම් විය යුතු කාලයක් වන අතර සාගරයේ භූ චලන සහ කුණාටු තත්ත්වවලට ඉඩක් පෙන්වයි. ධීවර සහ නාවික ප්‍රජාව තරමක් කල්පනාකාරී විය යුතු කාලයකි.
නොවැම්බර් 13 පාන්දර 04.45 ට බුධ සහ කුජ අතර ඇතිවන ග්‍රහ යුද්ධයෙන් කුජ ග්‍රහයා ජයගනී. මේ මොහොතේ තුලා ලග්න තත්කාලයක් උදාව පවතින අතර වෘශ්චික රාශියේ අනුර නැකතේ 3 පාදය තුළ ග්‍රහ යුද්ධය සිදුවනු ඇත. රටේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ඉදිරි සති කිහිපය අවධානයෙන් සිටිය යුතු අතර හදිසි අනතුරු සහ නාය යෑම් ආදිය පිළිබඳව කල්පනාකාරී විය යුතුය.
උගත් සහ බුද්ධිමත් ප්‍රභූන් කල්පනාවෙන් ක්‍රියාකළ යුතු කාලයක් වන අතර එවන් අයකුගේ වියෝවක් හෝ විපතක් පිළිබඳවද අසන්නට ලැබෙනු ඇත.
නීති ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක සිදුවීම් ඇතිවන අතර සන්නිවේදන පද්ධති හෝ ප්‍රවාහන ක්ෂේත්‍රවල බිඳ වැටීමක් හෝ ගැටලුවක් පිළිබඳවද අවධානය යොමුවන කාලයකි.
රාජ්‍ය මූල්‍ය තත්ත්වය යහපත් වන අතර එහි වර්ධනයක් මෙන්ම භාණ්ඩාගාර තැන්පතු, මුදල් සහ සෘජු විදෙස් ආයෝජන පිළිබඳව ද ඉදිරි කාලය යහපත් වනු ඇත. අන්තර්ජාතික වශයෙන් ජයග්‍රහණ ද හිමිවනු ඇත. බුධගේ වක්‍රයත් ගුරුගේ වක්‍රයත් ග්‍රහ යුද්ධ ඇතුළු පීඩාකාරී තත්ත්වයන් ද මත රජය අපහසුතාවයට පත්කරන විරෝධතා ආදි සිදුවීම් නිතර සිදුවිය හැකිය.
යහපත් සංවර්ධන ක්‍රියාවලීන් පිළිබඳව නිවැරදි සන්නිවේදනයක් හෝ ප්‍රචාරයක් නිසි පරිදි සිදු නොවීමත් ඇතැම් කාරණා වැරැදි සහගත ලෙස ප්‍රචාරය වීමත් නිරතුරුවම දක්නට ලැබෙනු ඇත. මේ පිළිබඳව පාලකයන්ගේ අවධානය යොමු නොවන්නේ ශනි ග්‍රහයා තවදුරටත් වක්‍රව ගමන් කරන බැවිනි.
ලබන වසරේ මාර්තු 11 දක්වාම මහජන අප්‍රසාදය එල්ලවන අවස්ථා ද නිර්මාණය විය හැකි බැවින් ආගමික නායකයන් සහ පූජ්‍ය පක්ෂය පරෙස්සමෙන් ක්‍රියාකළ යුතුය.
සුබසෙත පුවත්පත ඇසුරෙන්..
